පාඩමට ප්‍රවේශයක්
ලෙස ගැටුමක් ඇති වන ආකාරය සරලව පැහැදිලි කර ගැනීම අවශ්‍යයයි. උදාහරණයක් ලෙස පහත
අවස්ථාව සලකන්න.
සුමට තිරස්
මේසයක් මත අරයෙන් සමාන ගෝල දෙකක් තබා, කේන්ද්‍ර යාකරන රේඛාව දිගේ ප්‍රවේග ලබා දුන්
විට.
ඉහත ආකාරයට v හා u + ප්‍රවේග ලබා දුන් විට;
v ≤ u නම් ගැටුමක්
සිදු නොවේ.
v > u නම් ගැටුමක්
සිදු වේ.
ඉහත අවස්ථාව
ගැටළුවකදී සටහනකින් නිරූපනය කිරීමට ඉහලින් පෙනෙන ආකාරය සලකන එක පහසුයි. එවිට
දැනටමත් සමතුලිත සිරස් බල (අභිලම්බ ප්‍රතික්‍රියාව හා බර) රූප සටහනින් ඉවත් කරන්න
පුළුවන්. පහත රූප සටහන බලන්න.
ගැටුමක්
සම්බන්ධව ගණනය කිරීම් වලදී ඊට අදාල අවස්ථා 3ක් පිළිබඳව සලකා බැලිය යුතුයි. එම
අවස්ථා ක්ෂණිකව සිදු වෙන බැවින් ප්‍රායෝගිකව හඳුනා ගැනීම අපහසුයි. දැන් අපි බලමු ඒ
අවස්ථා 3 මොනවද කියල.
පිළිතුරක් ඉදිරිපත්
කිරීමේදී ඇතිවන සංකීර්ණතා අවම කර ගැනීමට මෙම අවස්ථා 3ම අපට සරලව එක රූපසටහනකින්
පෙන්වන්න පුළුවන්, පහත දැක්වෙන ආකාරයට.
දැන් හැමෝටම
අවබෝධයක් ඇති ගැටුමක් කියන්නෙ මොකක්ද කියල. ඒ වගේම ගැටුමකදි අපට වැදගත් වන අවස්ථා
3 හා එම අවස්ථා රූප සටහනේ දක්වන ආකාරය ගැනත් පැහැදිලි ඇති. දැන් පාඩම පටන් ගන්න
සූදානම්. ඊලඟ කොටසින් හමුවෙමු.
සැකසුම: යසස් ගුණරත්න විසිනි.
සැකසුම: යසස් ගුණරත්න විසිනි.
me padama nam tikak amaruwei wage idiriyata :)
ReplyDeleteමරු මරු... :) Thankz ආ.. ලිපියට... :D
Delete@Tharushi: මේ පාඩම හරියට පිළිවෙලට ඉගෙන ගන්න අයට කිසිම අමාරුවක් නෑ. :)
Delete@මිකියා: හැමදාම කියනව වගේ "දිගටම ඉන්න අපිත් එක්ක." ;)
ඔන්න මමනම් ප්‍රශ්න පත්තරයක් හොදේ.. :D
Deleteහොඳයි හොඳයි. :) එහෙම තමයි ඉන්න ඕනෙ
Deleteආවේගී ආතති english term eka mokkda
ReplyDelete