ත්‍රිකෝණමිතිය (III කොටස) - වෘත්ත පාදයන්හිදී ත්‍රිකෝණමිතික අනුපාත වල ලකුණ

මේ අවස්ථාව දක්වාම ත්‍රිකෝණමිතියෙ පැහැදිලි කිරීම් කලේ සුළු කෝණ සැලකීමෙන්. මූලිකව ත්‍රිකෝණමිතික අනුපාත හඳුනා ගැනීම සිදු කලෙත් ඍජුකෝණී ත්‍රිකෝණයක් සැලකිල්ලට අරගෙන බව මතක ඇති. මෙතනින් ඉදිරියට අපි ඒ පරාසයෙන් ඉවත පිහිටි කෝණ ගැනත් සාකච්ඡා කරනව. එමනිසා දැන් අපේ සාකච්ඡාව තරමක් දුරට පුළුල් වෙනව.

කෝණයක ද්විමාණ තලයේ පිහිටීම කාටිසීය තලයක නිරූපනය කරන්න පුළුවන් බව දැන් ඔයාල දන්නව. මෙම පිහිටීම ත්‍රිකෝණමිතික අනුපාතවල ලකුණට (+ හෝ -) ඍජුවම බලපාන දෙයක්. මේ පිළිබඳව විස්තර කරන්න කලින් අපට වෘත්ත පාද සම්බන්ධව විශේෂ හඳුනාගැනීමක් කරන්න සිදු වෙනව. වෘත්ත පාද ආශ්‍රිත සංකල්ප පැහැදිලිව තේරුම් ගැනීම සඳහා ප්‍රලම්භ ප්‍රක්ෂේපණ පිළිබඳ අවබෝධය ඉතා වැදගත්.



ප්‍රලම්භ ප්‍රක්ෂේපණය.



A සිට OX ට ඇදි ලම්භකයේ අඩිය C ද, B සිට OX ට ඇදි ලම්භකයේ අඩිය D ද නම්, CD රේඛාව යනු AB මගින් OX මත ප්‍රලම්භ ප්‍රක්ෂේපණය ලෙස හඳුන්වන්න පුළුවන්.

එලෙසම;

A සිට OY ට ඇදි ලම්භකයේ අඩිය E ද, B සිට OY ට ඇදි ලම්භකයේ අඩිය F ද නම්, EF රේඛාව යනු AB මගින් OY මත ප්‍රලම්භ ප්‍රක්ෂේපණය ලෙස හඳුන්වන්න පුළුවන්.


මෙහිදී;

O සිට X ඔස්සේ X හි ධන දිශාවට මනිනු ලබන දුර ධන ලෙසද
O සිට X ඔස්සේ X හි ඍණ දිශාවට මනිනු ලබන දුර ඍණ ලෙසද
O සිට Y ඔස්සේ Y හි ධන දිශාවට මනිනු ලබන දුර ධන ලෙසද
O සිට Y ඔස්සේ Y හි ඍණ දිශාවට මනිනු ලබන දුර ඍණ ලෙසද

සලකනව. ඒ සම්බන්ධය ඉතා පහසුවෙන් මතක තබා ගන්න පුළුවන්.


ප්‍රලම්භ ප්‍රක්ෂේපනයන්ගේ දිග AB රේඛාවේ දිග සහ ආනතිය මත තමයි රඳා පවතින්නෙ. එමනිසා ප්‍රලම්භ ප්‍රක්ෂේපනයන්ගේ දිග ඍණ අනන්තයේ සිට ධන අනනතය දකවා ඕනෑම අගයක් විය හැකියි.


වෘත්ත පාද හඳුනාගැනීම

වෘත්ත පාද කියන්නෙ කාටිසීය තලය එහි අක්ෂ මගින් (x හා y අක්ෂ) බෙදෙන කොටස් වලට.



ප්‍රලම්භ ප්‍රක්ෂේපණයන්ට අනුව ත්‍රිකෝණමිතික අනුපාතයන් ලබාගැනීම.






OP යනු දෛශික අරයක් වන අතර එය සැම විටම ධන (+) අගයක් වේ.

s හා t හි ලකුණ O හි සිට මනින දිශාව අනුව වෙනස් වෙනව. OP සෑම විටම ධන (+).

ඉහත කරුණු දෙක සහ පහත දැක්වෙන සමීකරණ තුන සළකා sinθ, cosθ, tanθ හි ධන හෝ ඍණ බව තීර්ණය කරන්න පුළුවන්.

sinθ = (OP මගින් OY මත ප්‍රලම්භ ප්‍රක්ෂේපණය) / OP හි දිග
cosθ = (OP මගින් OX මත ප්‍රලම්භ ප්‍රක්ෂේපණය) / OP හි දිග
tanθ = (OP මගින් OY මත ප්‍රලම්භ ප්‍රක්ෂේපණය) / (OP මගින් OX මත ප්‍රලම්භ ප්‍රක්ෂේපණය)




මේ විග්‍රහය තරමක් දුරට සංකීර්ණයි කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒත් අපට මේ දේවල් වලින් උ.පෙළ ත්‍රිකෝණමිතියට වැදගත් වෙන්නෙ අවසානයේ ලැබෙන ප්‍රතිඵලය පමණයි.

පහත දැක්වෙන සටහනේ අඩංගු කරුණු මතකයේ තිබීම ප්‍රමාණවත්. θ විවිධ පරාස වල තියනකොට විවිධ ත්‍රිකෝණමිතික අනුපාත වල ලකුණු පිළිබඳ අවබෝධය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෙ.


වෘතපාදයන්ට අනුව ත්‍රිකෝණමිතික අනුපාතයන්ගේ ධන හෝ ඍණ බව.  


sinθ, cosθ, tanθ වලින් නිරූපනය වෙන්නෙ තාත්වික සංඛ්‍යා. පහත සටහනෙන් කියන්නෙ විවිධ වෘත්ත පාද වලදි එම සංඛ්‍යා වල + හෝ - බව. මෙහිදී sinθ, cosθ, tanθ පද වලට ඉදිරියෙන් + හෝ - ලකුණ දාල තිබුණට ඒකෙන් කියන්නෙ sinθ, cosθ, tanθ කියන අනුපාත වලින් ලැබෙන අගයේ ලකුණ ගැන. (+ sinθ කියන්නෙ "ධන sinθ" කියල වැරදියට තේරුම් ගන්න එපා. + sinθ කියල මෙතනදි කියන්නෙ "θ කෝණය සඳහා එම වෘත්ත පාදයේ කෝණයක් ආදේශ කල විට sinθ යනු + අගයක්" කියන එක)




මේ සම්බන්ධය ගැන දැන් පැහැදිලි ඇති. sin, cos හා tan වක්‍ර පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරනව. එතකොට මේ දේවල් තවත් පැහැදිලි වෙයි.

සැකසුම: යසස් ගුණරත්න විසිනි.
Share on Google Plus

Copyright Information

No part of this article (excluding images) may be reproduced, stored in or introduced into a retrieval system, or transmitted, in any form or by any means (electronic, mechanical, recording or otherwise), without the prior permission. Images on this article belong to their respective owners.
    Blogger Comment
    Facebook Comment

12 Comments :

  1. මරු මරු... පොඩ්ඩත් අවා.. :)

    ReplyDelete
  2. සුපරි... :D හොදට තේරෙන්න ලියලා තියෙනවා.. :D පාඩම ඉවරවෙලා ප්‍රශ්න දෙනවද Sir :D

    ReplyDelete
  3. ඔයාලට විසඳ ගන්න අමාරු ප්‍රශ්ණ තියනවනම් අපේ FORUM එකේ දාන්න.

    ReplyDelete
    Replies
    1. පාඩම් ඉගෙන ගෙන ගණන් හදන කොට ප්‍රශ්න එයි හෝ ගාලා.. hikz :D

      Delete
  4. ilaga padamth oneeeeeeeeeeeee.... :D

    ReplyDelete
  5. දෛශික අරයක් කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. "දෛශිකයක් කියන්නෙ විශාලත්වයක් හා දිශාවක් සහිත භෞතික රාශියකට. (විස්තාපනය, ප්‍රවේගය වගේ) සා.පෙළදිත් උගන්වනව."

      මුලින්ම කියන්න ඕනෙ මේ දෛශික අරය එහෙමත් නැතිනම් පිහිටුම් දෛශිකය ගැන සියුම් පැහැදිලි කිරීම් උ.පෙළදි අවශ්‍ය නැහැ. ඒත් ප්‍රශ්නයක් අහපු නිසා මගහරින්න බැහැනෙ. ඔන්න මම පාඩමේ තිබුණ සරලපැහැදිලි කිරීමත් ඉවත් කරලම පටන් ගත්ත. (මේ පැහැදිලි කිරීම එක්ක පටලව ගනී කියලයි එහෙම කලේ)

      යම් අභිමත O ලක්ෂ්‍යයකට සාපේක්ෂව P නම් ලක්ෂ්‍යයක පිහිටුම දක්වන්න ඕනෙ නම්, පිහිටුම් දෛශික සංකල්පය භාවිත කරල; O ලක්ෂ්‍යයට සාපේක්ෂව P හි පිහිටුම් දෛශිකය r නම්; r=OP(-->) කියල කියන්න පුළුවන්.

      කාටිසීය තලයක යම් ලක්ෂ්‍යයක පිහිටීම දක්වන්න විට අපි මූල ලක්ෂ්‍යයට සාපේක්ෂව තමයි පිහිටුම් දෛශිකය සලකන්නෙ.
      ලක්ෂ්‍යයක ධ්‍රැවක ඛණ්ඩාංක ලියන විදිහ සමහර විට ඔයාල දන්නව ඇති. P=(r,θ) තමයි මේ පාඩමේ අපි සලකන P ගෙ ධ්‍රැවක ඛණ්ඩාංකය. මේකෙ අදහස පාඩමේ තියන රූපයෙන් තේරුම් ගන්න පුළුවන්.

      මේ අනුව P හි පිහිටුම් දෛශිකය (OP(-->)), OX දිශාවේ සිට වාමාවර්තව මැනපු θ කෝණයේ අන්තයක් මතින් වැටෙන්නෙ.(කෝණයේ බාහුවක් ලෙස OP(-->) පවතින්නෙ) මෙවැනි අවස්තා වලදි OP දෛශික අරය + ලෙස සලකනව. මෙහිදී මනින ලද θ කෝණය ධ්‍රැවක කෝණය ලෙස හඳුන්වනව.

      මේ අනුව මෙහිදී සලකා බැලෙන හැම අවස්ථාවකම OP දෛශික අරය + ලෙස තමයි පවතින්නෙ.

      Delete
    2. බොහොම ස්තුතියි... :)

      Delete
  6. මිකියාApril 23, 2014 at 8:08 PM

    "s හා t හි ලකුණ O හි සිට මනින දිශාව අනුව වෙනස් වෙනව. OP සෑම විටම ධන (+)." ඔකේ s හා t වලින් අදහස් කරන්නේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. OP මගින් x හා y අක්ෂ මත ප්‍රලම්භ ප්‍රක්ෂේපණ වල විශාලත්ව තමයි පිළිවෙලින් s හා t වලින් අදහස් කරන්නේ.

      Delete
  7. මිකියාApril 23, 2014 at 8:12 PM

    0>o>90, 90>o>180,.... ඕවා නේද නිරුපණය වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ප්‍රලම්බ ප්‍රක්ෂේපණ වලින් වක්‍රාකාරව කෝණයේ පිහිටීම නිරූපණය කෙරෙනව තමයි. ඒත් අපි මෙහිදී ප්‍රලම්බ ප්‍රක්ෂේපණ යොදා ගන්නෙ විශාල කෝණ වල ත්‍රිකෝණමිතික අනුපාත වල ලකුණ (+ හෝ -) පරීක්ෂා කරන්න.

      Delete