භින්න භාග - Partial Fractions


පරිමේය ශ්‍රිත භින්න භාග වෙන් කිරීම.
 
පරිමේය ශ්‍රිත දෙවර්ගයක් පවතියි.

1.නියම පරිමේය ශ්‍රිත.

(ලවයේ මාත්‍රය < හරයේ මාත්‍රය)
උදාහරණ: (x+1) / (x2-5x+3) , 1/(x+1)

2. විෂම පරිමේය ශ්‍රිත.

(ලවයේ මාත්‍රය > හරයේ මාත්‍රය)  හෝ (ලවයේ මාත්‍රය = හරයේ මාත්‍රය)
උදාහරණ: (x4+1) / (x2-5x+3) , (2x3+5x+1)/(x3+4x -3)


නියම පරිමේය ශ්‍රිතයක් භින්න භාග වලට වෙන් කිරීම

ලවයේ මාත්‍රය < හරයේ මාත්‍රය අවස්ථාව

හරයේ ඒකක සාධක ඇති විට
(2x+1) / (x+1)(2x-3)(x+4) = A/(x+1) + B/(2x-3) + C/(x+4)

හරයේ පුණරාවර්ත සාධක ඇති විට
(3x2-1) / (2x+3)2(4x-3)3 = A/(2x+3)2 + B/(2x+3) + C/(4x-3)3 + D/(4x-3)2 + E/(4x-3)

හරයේ තවදුරටත් වෙන් කල නොහැකි වර්ගජ සාධක ඇති විට
(2x+1) / (x2+x+1)(x-1) = (Ax+B)/(x2+x+1) + C/(x-1)



 උදාහරණ:

2x/(1+x2) (1+x)2 = (Ax+B)/(1+x2) + C/(1+x)2 + D/(1+x)
2x=Ax(1+x)2 + B(1+x)2 + C(1+x2) + D(1+x)(1+x2)

x=(-1) විට,
-2=2C
C=(-1)



2x=Ax(1+x)2 + B(1+x)2 + C(1+x2) + D(1+x)(1+x2)
2x=Ax(1+2x+x2) + B(1+2x+x2) + C(1+x2) + D(1+x+x2+x3)
2x=A(x+2x2+x3) + B(1+2x+x2) + C(1+x2) + D(1+x+x2+x3)


නියත පද වල සංගුණක සලකා
0=B+C+D
C=(-1) නිසා,
B+D=1------(i)

x3පද වල සංගුණක සලකා
0=A+D
A+D=0-----(ii)

x පද වල සංගුණක සලකා
2=A+2B+D
A+2B+D=2-----(iii)

(iii)-(ii) න්,
2B=2
B=1

B හි අගය (i) ආදේශයෙන්
1+D=1
D=0

D හි අගය (ii) ආදේශයෙන්
A+0=0
A=0

A=0, B=1, C=(-1), D=0
බින්න භාග
2x/(1+x2) (1+x)2 =1/1+x2 - 1/(1+x)2



විෂම පරිමේය ශ්‍රිතයක් භින්න භාග වලට වෙන් කිරීම

ලවයේ මාත්‍රය = හරයේ මාත්‍රය අවස්ථාව

නියතයකින් ආරම්භ කර නියම පරිමේය ශ්‍රිතයකදී මෙන් භින්න භාග වලට වෙන් කිරීම සිදු කරන්න.
x/(x-1) = A + B/(x-1)

ලවයේ මාත්‍රය > හරයේ මාත්‍රය අවස්ථාව

මාත්‍රය = (ලවයේ මාත්‍රය - හරයේ මාත්‍රය) වන සාධාරණ බහුපද ශ්‍රිතයකින් අරඹා නියම පරිමේය ශ්‍රිතයකදී මෙන් භින්න භාග වලට වෙන් කිරීම සිදු කරන්න.
(X5-1)/(x-1) = (Ax4+Bx3+Cx2+D) + E/(x-1)

සැකසුම: යසස් ගුණරත්න විසිනි.
Share on Google Plus

Copyright Information

No part of this article (excluding images) may be reproduced, stored in or introduced into a retrieval system, or transmitted, in any form or by any means (electronic, mechanical, recording or otherwise), without the prior permission. Images on this article belong to their respective owners.
    Blogger Comment
    Facebook Comment

5 Comments :