2014 භෞතික විද්‍යාව 1 ප්‍රශ්න පත්‍රය විවරණය ළඟදීම

උසස් පෙළ යනු තරඟකාරී විභාගයක් ය යන්න සමාජයේ පිළිගත් මතයයි. විෂය ධාරාව කුමක් වුවත් බොහෝ දෙනෙක් හට මෙය හුදෙක් ජයගත නොහැකි තරඟයක් බවට පත් වී තිබෙන බව ද සමාජයේ මුල් බැසගත් කාරණයකි. එය එසේ වීමට හේතුව උසස් පෙළ යනු විෂය කරුණු එකතුවක් නොව කෙටි කාල පරිච්ඡේදයක් තුළ දී එකිනෙකට වෙනස් ප්‍රශ්න සමූහයකට පිලිතුරු සෙවිය යුතු විභාගයක් බව තේරුම් නොගැනීම යැයි අප තරයේ විශ්වාස කරන්නෙමු. එනම් කළ යුත්තේ විෂය කරුණු ඉගෙනීමෙන් පසු ඊට අදාළ ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමයි. විශේෂයෙන් ම විභාගයට පෙර එක් එක් විෂයට අදාළ ව අඩුම තරමේ පසුගිය වසර 10 ක වත් විභාග ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු තනිව විසඳා තිබිය යුතු බව උසස් පෙළ කඩයිම සාර්ථක ලෙස ජයගත් Online Educator හි කතෘ මණ්ඩලය වන අපි ඇතුලු සමස්ථ සොයුරු සොයුරියන් සාක්ෂ දරණු ඇත.

ඉහත සඳහන් කාරණය තෘප්ත කිරීම සඳහා ඔබ වෙනුවෙන් අපට කළ හැකි දෙයක් වේ නම් එය සිදු කිරීමට අපි තීරණය කළෙමු. ඒ අනුව එහි පළමු පියවර ලෙස 2015 සිට ඉන් එහා වසර වල දී උසස් පෙළ විභාගයට ජීව විද්‍යා හා ගණිත අංශ වලින් පෙනී සිටින සොයුරු සොයුරියන් වෙනුවෙන් 2014 වසරේ භෞතික විද්‍යාව 1 ප්‍රශ්න පත්‍රය විවරණය කිරීමට අපි උත්සාහ කළෙමු. එම උත්සාහයේ ප්‍රථිපලය තව නොබෝ දිනකින් ඔබට මෙම වෙබ් අඩවිය හරහා දැකගත හැකිවනු ඇත. තීරණය ඔබට භාරයි. මෙහි සාර්ථක, අසාර්ථක බව අපට දනුම් දීම්ට, විවරණය පහත ඇති comment කවුළුව ඔබට විවර වනු ඇත. තව ද මෙහි ප්‍රශ්න පිළිබඳ ඔබට ඇති ගැටලු ප්‍රශ්න අංකය සමඟ අප Online Educator FORUM හි සටහන් කිරීමෙන් ඒ සඳහා පිළිතුරු අප කතෘ මණ්ඩලයෙන් ලබා ගැනීමේ වාසියද ඔබට හිමිවනු ඇත. [මේ සඳහා ඔබ Online Educator FORUM හි සියළු ගාස්තු වලින් නිදහස් ලියාපදිංචි වීම (registration) කළ යුතු බව කරුණාවෙන් සළකන්න]

රැඳී සිටින්න අප සමඟ.  2014 වසරේ භෞතික විද්‍යාව 1 ප්‍රශ්න පත්‍රය විවරණය ළඟදීම....

- Online Educator කතෘ මණ්ඩලය-
Share on Google Plus

Copyright Information

No part of this article (excluding images) may be reproduced, stored in or introduced into a retrieval system, or transmitted, in any form or by any means (electronic, mechanical, recording or otherwise), without the prior permission. Images on this article belong to their respective owners.
    Blogger Comment
    Facebook Comment

0 Comments :

Post a Comment