අනුකලනය (I කොටස) - ඍජු අනුකලනය


ප්‍රථමයෙන්ම අපි අනුකලනය යනු කුමක්ද කියා අවබෝධ කර ගනිමු. අනුකලනය සාර්ථකව ඉගෙනීමට නම් අවකලනයේ සිද්ධාන්ත පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතුයි. අනුකලනය, අවකලනයේ විලෝමය ලෙස පෙනුනද, මෙම ක්‍රියාවලි දෙක සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස්ය. නමුත් මෙම සම්බන්ධතාව අමතර ආයාසයකින් තොරව අනුකලනයේ රටා අවබෝධ කර ගැනීමට පහසුවකි. සත්‍ය වශයෙන්ම අනුකලනය යනු එකතු කිරීමේ ක්‍රියාවලියකි. සරලව ගතහොත් අනුකලනයේ ප්‍රතඵලය යනු සලකන ලද ශ්‍රිතය ප්‍රස්තාරයකින් දැක්වූ විට, එම ශ්‍රිතය හා x අක්ෂය අතර වර්ගඵලයයි.

අනුකලනයේදී සරල හැසිරීම් කිහිපයක් මතක් කරගත යුතුයි. මෙම හැසිරීම් ∑ හි හැසිරීම් වලට බොහෝ සෙයින් සමානයි.

ශ්‍රිතය නියතයකින් ගුණ වී ඇත්නම්, නියතය ඉවතට ගෙන ඉතිරිය අනුකලනය කල හැකියි.
∫k.f(x) dx = k ∫f(x) dx

ශ්‍රිතය, ශ්‍රිත කිහිපයක එකතුවක් නම්, එම ශ්‍රිත වෙනවෙනම අනුකලනය කල හැකියි.
∫f(x) + g(x) dx = ∫f(x) dx + ∫g(x) dx


ඍජු අනුකලනය


අනුකලනය ඉගෙනීමේදී ඍජුව අනුකලනයකල හැකි ශ්‍රිත පිළිබඳ මතකයක් තිබිය යුතුය. ඔබට අනුකලනය කිරීමට ඇති ශ්‍රිතය පහත හැඩ දක්වයි නම්, පහත ආකාරයට අනුකලනය කල හැකිය.



∫(ax+bx)n dx = 1/a.(ax+bx)n+1/(n+1) + c

∫cosx dx = sinx + c

∫sinx dx = -cosx + c

∫sec2x dx = tanx + c

∫cosec2x dx = -cotx + c

∫secx.tanx dx = secx + c

∫cosecx.cotx dx = -cosecx + c

∫ef(x).f’(x) dx = ef(x) + c

∫[f(x)]n.f’(x) dx = { [f(x)]n+1/(n+1) }      + c

∫1/√(1-x2) dx = sin-1x or –cos-1x + c

∫1/(1+x2) dx = tan-1x + c




වෙනත් ශ්‍රිත අනුකලනයේදී එම ශ්‍රිත විවිධ ක්‍රම ඔස්සේ ඉහත අකාර වලට පරිවර්තනය කර ගත යුතුයි. මේ සඳහා ක්‍රම රාශියක් පවතියි. ඒවා ඉදිරියේදී සාකච්ඡා කෙරේ.

සැකසුම: යසස් ගුණරත්න විසිනි.
Share on Google Plus

Copyright Information

No part of this article (excluding images) may be reproduced, stored in or introduced into a retrieval system, or transmitted, in any form or by any means (electronic, mechanical, recording or otherwise), without the prior permission. Images on this article belong to their respective owners.
    Blogger Comment
    Facebook Comment

8 Comments :

  1. *අනුකලනය කල ශ්‍රිතය කියන එක මට පැහැදිලි කරන්න පුලුවන්ද? උදාහරණත් දාල.
    *තව ඔය කලනයේ මාතෘකා දෙකක්නේ අව, අනු (මම දන්නා හැටියට). අන්න එතන පැහැදිලි වුනානම් හොදයි කියලා හිතුණ.
    *මම දන්නා ශ්‍රිත තමා මේවා.. (y=mx+c, y=mx, y=k) මේ ශ්‍රිත වෙනස්, පොස්ට් එකෙන් තමා මේවා තියෙනවා කියල දන්නේ.. මේවා කොහොමද? නිරුපනය වෙන්නේ ප්‍රස්ථාරයක?
    *අයි මේ ශ්‍රිත අනුකලනයක් කරන්නේ? එකේ ඇති වාසිය මොකක්ද? මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?
    * ∫k.f(x) dx = k ∫f(x) dx මෙන්න මේ ශ්‍රිතයේ තියෙන සමහර අකුරු මන් නොදනී.. X සහ Y පමණි දන්නේ.. :D ඒවා ගැනත් කියලා දෙන්න..

    බොහොම ස්තුතියි කරනා උපකාරයන්ට..

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න ඇහුවා වැඩිද මන්ද :D මම මේ පාඩමට අලුත් එකයි..

      Delete
    2. අනුකලනය ඉගෙන ගන්න කලින් අවකලනය ඉගෙන ගන්න ඕනෙ. මම අවකලනය පාඩමක් දානව ඉස්සරහට. මේක පුණරීක්ෂණ මට්ටමට තමයි ලිවුවෙ. ඒත් මම තව පෝස්ට් එකකින් මේක තව පැහැදිලි කරන්නම්.
      මෙකෙ තියන ශ්‍රිත f(x), f ’(x) විදිහට අංකනය කරල තියෙන්නෙ. f(x) කියන්නෙ ඕනෑම ශ්‍රිතයක් (y=mx+c, y=mx, හෝ y=ax^2+bx+c වගේ වර්ගජ හෝ ගනජ හෝ ඕනෑම මාත්‍රයක ශ්‍රිතයක් වෙන්න පුළුවන්) y වෙනුවට f(x) දාල f(x)=mx+c කියල ලියන එක තමයි සම්මත ක්‍රමය.
      f ’(x) කියල අංකනය කරන්නෙ f(x) අවකලනය කලාම ලැබෙන ප්‍රථිපලය. ඒක වෙනම පැහැදිලි කරන්නම්.
      ∫ ලකුණ තමයි අනුකලනයේ සංකේතය. dx කියන්නෙ x විශයෙන් කියන එක.
      ∫f(x) dx කියන්නෙ f(x) යන x හි ශ්‍රිතය x විශයෙන් අනුකලනය කරන්න කියන එක.
      දිගටම ඉන්න අපිත් එක්ක. ඉදිරි පෝස්ට් වලින් පැහැදිලි වෙයි. ඉස්සරහට හමුවෙන අමාරු ගැටළු FORUM එකේ දාන්න.

      Delete
    3. හ්ම්ම්.. එහෙනම් අනිත්වා වෙනම පැහැදිලි කරන්නකෝ.. :) ගැටළුවක් අවොත් forum එකේ දාන්නම් (දැනුයි දැක්කේ forum button එක :P)
      අපි ඉන්නවා.. ඔයාලත් ඉන්න ඕන.. :)

      Delete
  2. "සරලව ගතහොත් අනුකලනයේ ප්‍රතඵලය යනු අනුකලනය කල ශ්‍රිතය ප්‍රස්තාරයකින් දැක්වූ විට, එම ශ්‍රිතය හා x අක්ෂය අතර වර්ගඵලයයි."

    කියන එක වැරදියට තේරුම් අරන් කියලත් හිතුන. "අනුකලනය කල ශ්‍රිතය" කිවුවෙ සලකා බැලූ ශ්‍රිතය කියන එක. ඒ කියන්නෙ අනුකලනයට ගත්ත ශ්‍රිතය. මම ඒ වාක්‍ය වෙනස් කරන්නම් තේරෙන විදියට.

    ReplyDelete
  3. Ane ayye sthuthi karanna wachana madi.. digatama meka karagena yanna.. bohoma wadagath site ekak.

    ReplyDelete
  4. ස්තුතියි හැමෝටම.. :D

    ReplyDelete