කෝණ මිනුම
ත්‍රිකෝණමිතිය පාඩම ආරම්භ කරන්න කලින් අපට කෝණ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනෙ. කෝණයක් කියපු ගමන් අපට මතක් වෙන්නෙ මෙන්න මෙහෙම දෙයක් නේද?
මේ වගේ කෝණ ද්විමාණ තලයක පිහිටි කෝණ කියල හඳුන්වනව. කෙටියෙන් තල කෝණ කියල හඳුන්වන්නෙත් මේ වගේ කෝණ තමයි. එතකොට අනිත් කෝණ වර්ගය මොකක්ද?
ඒව තමයි ත්‍රිමාණ තලයක පිහිටි කෝණ. ඝන කෝණ කියන්නෙත් මේවටම තමයි. පොඩ්ඩක් හිතන්න කේතුව කියන ඝනවස්තුව ගැන.
මේ කේතුවෙ කෙලවර බැළුවොත් අපට කෝණයක හැඩයක් පෙනව නේද? ඒත් ඒ කෝණය ත්‍රිමාණව පිහිටන කෝණයක්. ත්‍රිමාණ තලයක පිහිටි කෝණ ගැන උ.පෙළ. මට්ටමේදි හදාරන්න නැහැ. ඒත් දැනගෙන ඉන්න එක හොඳයි. භෞතික විද්‍යාවෙදි නම් මේ කෝණ මනින ඒකකය ගැනත් සඳහන් වෙනව. ( ස්ට’රේඩියන් (sr) තමයි ඒකකය)
ද්විමාණ තලයක පිහිටි කෝණ
O යනු අචල ලක්ෂයක් විට. OA රේඛාවේ සිට;
වාමාවර්තව මණිනු ලබන කෝණ (+) කෝණ ලෙසත්,
දක්ෂිණාවර්තව මණිනු ලබන කෝණ (-) කෝණ ලෙසත්, හඳුන්වනව. සා.පෙළ. දිත් මේ ගැන උගන්වනවනෙ.
ජ්‍යාමිතියෙදි මෙහෙම පහසුවෙන් කෝණ හඳුන ගත්තට ශුද්ධ ගණිතයේ සංකීර්ණ අවස්ථා වලදි කෝණයේ අවකාශයේ පිහිටීම නිවැරදිව දැනගන්න ඕනෙ. ඒකට අපිට කාටිසීය ඛණ්ඩාංක තලයක් යොදා ගන්න පුළුවන්.
X අක්ෂය තිරස් අක්ෂය වූද , Y අක්ශය සිරස් අක්ෂය වූද ද්ව්මාන තලයක් කාටිසීය තලයක් ලෙස හදුන්වන්න පුළුවන්.
කෝණ මනින ඒකක
අංශකය
සා.පෙළ. දි කොණ මනින්න යොදා ගන්න ඒකකය තමයි මේ. අංශකයක් කියන්නෙ,
ඕනෑම වෘතයක පරිදිය සමාන කොටස් 360 කට බෙදූ පසු, එක ලග පිහිටි බෙදුම් ලක්ෂ දෙකක් මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණයට.
රේඩියනය
ඕනෑම වෘතයක අරයට සමාන චාප දිගක් මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය රේඩියන් එකක්.
රේඩියන් වලට ඇත්තටම ඒකකයක් නැහැ. ඉහත සමීකරණයට අනුව ඒකක කැපිල යන නිසා. එ‍් වුනත් භාවිතය සඳහා rad කියන ඒකකය සම්මත කරගෙන තියනව.
රේඩියන් හා අංශක අතර සම්බන්ධය
රේඩියන් ගැන දැන් ඔයාලට අවබෝධයක් ඇති. දැන් අපි රේඩියන් හා අංශක අතර සම්බන්ධය හඳුන ගනිමු.
ඉහත රේඩියන් සම්බන්ධ සමීකරණයෙ s කියන්නෙ චාප දිගට කියල දැන් ඔයාලට තේරෙනව ඇති. අපි හිතමු s කියන්නෙ අර්ධ වෘත්තයක චාප දිගක් කියල. එතකොට එම චාප දිගක් මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය අංශක වලින් අපි දන්න විදිහට 1800 යි. දැන් බලමු rad වලින්.
θrad = s/r
s = අර්ධ වෘත්තයක චාපයේ දිග නිසා
θrad = πr/r
θrad = π
එමනිසා
πrad = 1800
1rad = 1800/π
කේන්ද්‍රික කණ්ඩයක වර්ගඵලය
කේන්ද්‍රික කණ්ඩයේ වර්ගඵලය A නම්
A = {θrad/2 π} πr2
A = {r2 . θrad} / 2
සැකසුම: යසස් ගුණරත්න විසිනි.
Subscribe to:
Post Comments
(
Atom
)
නියමෙට පැහැදිලි කරලා තියෙනවා.. බොහොම ස්තුතියි ලිපියට..
ReplyDeleteමුල් ටික හොදට පැහැදිලියි... (Thankz) අන්තිම ටික තමා ටිකක් තේරුණේ නැහැ වගේ වුනේ.. :D
ReplyDelete"θrad = πr/r
θrad = π
එමනිසා
πrad = 180
1rad = 180/π "
මෙන්න මේකේ θrad අගයට π අගයක් එනවනේ... ඊට පස්සේ πrad = 180 මෙහෙම සමාන වුණු එක තේරුණේ නැහැනේ..
මුල් ටික හොදට පැහැදිලියි... (Thankz) අන්තිම ටික තමා ටිකක් තේරුණේ නැහැ වගේ වුනේ.. :D
ReplyDelete"θrad = πr/r
θrad = π
එමනිසා
πrad = 180
1rad = 180/π "
මෙන්න මේකේ θrad අගයට π අගයක් එනවනේ... ඊට පස්සේ πrad = 180 මෙහෙම සමාන වුණු එක තේරුණේ නැහැනේ..
anthima tika tikak pahadili karannako ayye...
ReplyDelete:D
Deleteඉක්මනට ඊලග කොටසටත් යමු... :) Superzzz
ReplyDeleteඅන්තිම කොටස ගැන ගොඩක් අයට ප්‍රශ්ණ තියනව වගේ.
ReplyDeleteθrad = π කියල ගත්තෙ θ කෝණයේ රේඩියන් අගය = π කියන එක. (මේක θට rad ඒකකය දාල කියල වැරදියට තේරුම් ගන්න එපා. θrad මේක එක පදයක්; θ කෝණයේ රේඩියන් අගය) මම කලින් කිව්ව වගේ rad කියන්නෙ ව්‍යුත්පන්න වුනු ඒකකයක් නෙවෙයි. ඒක හඳුනා ගැනීමේ පහසුවට සම්මත කර ගත්ත (සිංහලෙන්ම කිවුවොත් අතින් දාපු) ඒකකයක්.
πrad = 180 කියල දැම්මෙ π රේඩියන් අගයක් කියල පෙන්වන්න. (එතනදි rad කියන්නෙ ඒකකයක්) ඕනෙ නම් නොදා ඉන්නත් පුළුවන්. හඳුනා ගැනීමේ පහසුවට ඒකකය දාගන්න.
මම හිතනව පැහැදිලියි කියල.
ස්තූතියි හැමෝටම. ප්‍රශ්ණ තියනවනම් අහන්න.
ReplyDeleteඑල ඔක්කොම හොඳින් පැහැදිලිය.
ReplyDelete