අනුකලනය (II කොටස) - පරිමේය ශ්‍රිත අනුකලනය


පරිමේය ශ්‍රිත අනුකලනය


ලවයේ මාත්‍රය >= හරයේ මාත්‍රය, නම් මුලින්ම ලවය හරයෙන් බෙදා ලැබෙන ප්‍රතිඵල වල පද වෙන වෙනම සාමාන්‍ය ලෙස අනුකලනය කරන්න.


නැතිනම්,

∫f’(x)/f(x) dx = ln|f(x)|

හෝ



හරය වර්ගජ ප්‍රකාශණයක් නම්

i.                    b2-4ac = 0, ∫f’(x).[f(x)]n dx = [f(x)]n+1/n+1

ii.                  b2-4ac > 0, බින්න භාග ක්‍රමය භාවිත කරන්න. ( සම්පූර්ණ පරිමෙය ශ්‍රිතය බින්න භාග වෙන් කර, ලැබෙන බින්න භාග වෙන වෙනම අනුකලනය කරන්න.)

iii.                b2-4ac < 0, tan-1 ක්‍රමය

හරයේ මාත්‍රය > 2, නම් සාධක ප්‍රමේයය භාවිත කර හරය සාධක වලට බෙදා, පරිමෙය ශ්‍රිතය බින්න භාග වෙන් කර සාමාන්‍ය ලෙස අනුකලනය කරන්න.


පරිමේය ත්‍රිකෝණමිතික ශ්‍රිත

∫(a.cosx + b.sinx)/(p.cosx + qsinx) dx

ලවය “λ.(හරය) + µ.(හරයේ අවකලය)” ආකාරයට හරවා, වෙන වෙනම බෙදා අනුකලනය කරන්න.

∫1/(a.sinx + b.cosx + c) dx

“tan(x/2) = t” ආදේශය භාවිත කරන්න. { sinx = 2t/(1+t2) , cosx = (1-t2)/(1+t2) }

∫1/(a.sin2x + b.cos2x + c) dx 

“tanx = t” ආදේශය භාවිත කරන්න. { sin2x = t2/(1+t2) , cos2x = 1/(1+t2) }

සැකසුම: යසස් ගුණරත්න විසිනි.
Share on Google Plus

Copyright Information

No part of this article (excluding images) may be reproduced, stored in or introduced into a retrieval system, or transmitted, in any form or by any means (electronic, mechanical, recording or otherwise), without the prior permission. Images on this article belong to their respective owners.
    Blogger Comment
    Facebook Comment

0 Comments :

Post a Comment