sin, cos හා tan පද වල බාග කෝණ ප්‍රසාරණය
sin පද සඳහා බාග කෝණ ප්‍රසාරණ
පෙර පාඩමේදී ජ්‍යාමිතිකව සාධනය කල පහත සම්බන්ධය සලකමු.
sin(A+B) = sinA . cosB + cosA . sinB
මෙහි B වෙනුවට A යෙදීමෙන්;
sin(A+A) = sinA . cosA + cosA . sinA
sin2A = 2sinA . cosA
sin2A සඳහා බාග කෝණ ප්‍රසාරණයක් tan පද වලින් පමණක් ලබා ගත හැකිය.
sin2A =
2sinA . cosA / 1 ලෙස
ප්‍රකාශ කල හැකිය. sin2A + cos2A = 1 නිසා;
sin2A =
2sinA . cosA / (sin2A + cos2A)
දකුණු පස
ඉහල සහ පහල cos2A ගෙන් බෙදීමෙන්;
sin2A =
[2sinA . cosA / cos2A] / [(sin2A + cos2A) / cos2A]
sin2A =
[2sinA / cosA] / [(sin2A / cos2A)
+ 1]
sin2A =
2tanA / (tan2A +1)
sin2A =
2tanA / (1 + tan2A)
පෙර පාඩමේදී ජ්‍යාමිතිකව සාධනය කල පහත සම්බන්ධය සලකමු.
cos(A+B)
= cosA . cosB - sinA . sinB
මෙහි B වෙනුවට A යෙදීමෙන්;
cos(A+A)
= cosA . cosA - sinA . sinA
cos2A = cos2A
- sin2A ----(i)
sin2A
+ cos2A = 1 සම්බන්ධය භාවිතයෙන් cos2A හි බාග කෝණ ප්‍රසාරණය සඳහා cos පද වලින් පමණක් සහ sin පද වලින් පමණක් ලෙස
තවත් සම්බන්ධතා 2ක් ගොඩනගා ගත හැකියි.
sin2A
+ cos2A = 1 නිසා
cos2A = 1 - sin2A
----(ii)
sin2A
= 1 - cos2A ----(iii)
(i) හා (ii) න්;
cos2A = 1 - sin2A
- sin2A
cos2A = 1 - 2sin2A
(i) හා (iii) න්;
cos2A = cos2A – (1
- cos2A)
cos2A =
2cos2A – 1
cos2A හි බාග කෝණ ප්‍රසාරණය
සඳහා tan පද වලින්ද සම්බන්ධයක්
ලබා ගත හැකිය.
(i) න්;
cos2A = cos2A
- sin2A
මේ
සම්බන්ධය;
cos2A = (cos2A - sin2A) / 1 ලෙසද ප්‍රකාශ කල හැකිය.
sin2A
+ cos2A = 1 නිසා;
cos2A = (cos2A - sin2A) / (sin2A + cos2A)
දකුණු පස
ඉහල සහ පහල cos2A ගෙන් බෙදීමෙන්;
cos2A =
[(cos2A - sin2A) / cos2A] / [(sin2A + cos2A) / cos2A]
cos2A =
[(cos2A / cos2A)
- (sin2A / cos2A)] / [(sin2A / cos2A)
+ (cos2A / cos2A)]
cos2A =
(1 - tan2A) / (tan2A + 1)
cos2A =
(1 - tan2A) / (1 + tan2A)
පෙර පාඩමේදී ජ්‍යාමිතිකව සාධනය කල පහත සම්බන්ධය සලකමු.
tan(A+B)
= (tanA + tanB) / (1 – tanA . tanB)
මෙහි B වෙනුවට A යෙදීමෙන්;
tan(A+A)
= (tanA + tanA) / (1 – tanA . tanA)
tan2A =
2tanA / (1 – tan2A)
මීට
අමතරව sin හා cos පද වල කෝණයේ 3න් 1ක් වන
ලෙස ප්‍රසාරණය කරන ආකාරයද මතක තබා ගැනීම ප්‍රයෝජනවත්ය.
sin3A =
sin (A + 2A)
sin3A =
sinA . cos2A + cosA . sin2A
sin3A =
sinA . (1 – 2sin2A) + cosA . 2sinA . cosA
sin3A =
sinA – 2sin3A + 2sinA . cos2A
sin3A =
sinA - 2sin3A + 2sinA . (1 – sin2A)
sin3A =
3sinA – 4sin3A
cos3A =
cos (A + 2A)
cos3A =
cosA . cos2A - sinA . sin2A
cos3A =
cosA . (2cos2A - 1) - sinA . 2sinA . cosA
cos3A =
2cos3A – cosA – 2cosA . sin2A
cos3A =
2cos3A – cosA – 2cosA . (1 – cos2A)
cos3A =
4cos3A – 3cosA
ත්‍රිකෝණමිතික
අනුපාත දෙකක ආකලනය සහ අන්තරය
A + B = C----(i)
A – B = D----(ii)
(i) + (ii) න්;
2A = C + D
A = (C + D) / 2----(iii)
(i) - (ii) න්;
2B = C - D
B = (C - D) / 2----(iv)
sin(A+B) = sinA . cosB +
cosA . sinB ----(v)
sin(A-B) = sinA . cosB - cosA . sinB ----(vi)
(v) + (vi) න්;
sin(A+B) + sin(A-B) = 2sinAcosB
(i), (ii), (iii) හා (iv)
න් ආදේශයෙන්;
sinC + sinD = 2 sin[(C+D)/2] . cos[(C-D)/2]
(v) - (vi) න්;
sin(A+B) - sin(A-B) = 2cosAsinB
(i), (ii), (iii) හා (iv)
න් ආදේශයෙන්;
sinC - sinD = 2 cos[(C+D)/2] . sin[(C-D)/2]
cos(A+B) = cosA . cosB -
sinA . sinB ----(vii)
cos(A-B) = cosA . cosB + sinA . sinB ----(viii)
(vii) + (viii) න්;
cos(A+B) + cos(A-B) = 2cosAcosB
(i), (ii), (iii) හා (iv)
න් ආදේශයෙන්;
cosC + cosD = 2 cos[(C+D)/2] . cos[(C-D)/2]
(vii) - (viii) න්;
cos(A+B) - cos(A-B) = -2sinAsinB
(i), (ii), (iii) හා (iv)
න් ආදේශයෙන්;
cosC - cosD = (-2) sin[(C+D)/2] . sin[(C-D)/2]
මේ සම්බන්ධය
පහත පරිදිද ප්‍රකාශ කල හැකිය;
cosC - cosD = 2sin[(C+D)/2] . sin[(D-C)/2]
ඉහත සම්බන්ධතා
වල විලෝමයන්ද ත්‍රිකෝණමිතියේදී ඉතා ප්‍රයෝජනවත්. මෙම සම්බන්ධතා ගොඩනැගෙන ආකාරය ඉහත සම්බන්ධතා ඇසුරෙන් පහසුවෙන්
තේරුම් ගන්න පුළුවන්.
2sinA.cosB = sin(A+B) + sin(A-B)
2cosA.cosB = cos(A+B) + cos(A-B)
2sinA.sinB = cos(A-B) – cos(A+B)
පුහුණුව සඳහා;
tan3A = (3tanA – tan3A)
/ (1 – 3tan2A)
බව සාධනය
කරන්න.
සැකසුම: යසස් ගුණරත්න විසිනි.
සැකසුම: යසස් ගුණරත්න විසිනි.
Elazzzzz :D
ReplyDeleteme site eka digatama continue karagena yanna.. rivision wage karanawanam hodai kiyala hithenawa.. gananuni pahadilikirimath ekka uththarai thiyenawanam hodai.. hithanna. kiyana prasna ehema..
ReplyDelete