ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලවාදය හා පාර්ලිමේන්තු
ස්වාධිපත්‍යය
Constitutionalism
& Parliament Sovereignty
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
යනු රටක මූලික වුත් උත්තරීතර වුත් නීතියයි.රටක පවතින්නා වූ සෙසු සියළුම නීතීන්ගේ
මූලාශ්‍රය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.ඒ අනුව රාජ්‍යයයේ ස්වභාවය රටේ දේශපාලන හා
ආර්ථික ප්‍රතිපත්තිය,රටේ ප්‍රධාන බලමූලායතන වල සැකැස්ම,ව්‍යුහය,බලතල,ක්‍රියාකාරීත්වය
හා අන්තර් සබඳතා,රටේ පුරවැසියන් සතු අයිතිවාසිකම් හා නන් වැදෑරුම් නිදහස හා අදාල
ප්‍රතිපාදන,රටේ මැතිවරණ හා රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාකාරිත්වය වැනි බොහෝ කරුණු
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළ ඇතුළත් වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
නීතිය පිළිබඳ විශාරදයකු වූ අයිවර්
ජෙනිංන්ග්ස් පවසන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්
යනු හුදු ලියැවිල්ලක් පමණක් නොව, එය ජනතාවගේ හදවතේ හා මනසේ ලියැවුණ දෙයක් වි
යුතුය.
ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවක අභිමතාර්ථ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක
මූලික අභිමතාර්ථය විය යුත්තේ රාජ්‍ය පාලනය ස්ථාවරව හා සුමට ලෙස පවත්වාගෙන යමට
දායකත්වය සැපයීමයි.ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැවතීමේ අභිමතාර්ථ වන්නේ,
· ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින් ප්‍රධාන බලමූලායතන අතර සබඳතාව සංවරණ හා තුලන මුලධර්මය අභිවර්ධනය වන ආකාරයෙන් ගොඩනංවනු ලබයි.
· තනි පුද්ගල ස්වායත්තතාව ආරක්ෂා කොට සහතික කරනු ලබයි.එනම් සමාජයේ එක් එක් පුද්ගලයන්ගේ අයිතීන් සමාජයේ පුද්ගල කණ්ඩායම් මඟින් පමණක් නොව රාජ්‍යය මඟින් ද ආරක්ෂා කළ යුතු බවයි.
· ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සමාජ සම්ප්‍රදායන්හි මූලධර්ම ප්‍රකාශයට පත් කරනු ලබයි.ඒ අනුව ව්‍යවස්ථාව යනු සමාජ සම්ප්‍රදායන් සකසන උපකරණයකි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලවාදය යනු.?
සරල අර්ථයෙන් ගත් කළ ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අනුව රාජ්‍ය
පාලනය කිරීම‘ යි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලවාදය පවතින රටක මූලික නීතිය
උත්තරීතර වේ.ඒ අනුව එවැනි රටක නීතියේ ආධිපත්‍යය තහවුරු වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලවාදය පිළිබඳ නූතන මතය තරමක් දුරට
වෙනස් වී ඇත.එනම් සැබෑ ව්‍යවස්ථානුකූල වාදයක් ඇතිවීමට නම් ජනතාව වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
කෙරෙහි පවතින්නා වූ විශ්වාසය හා ගෞරවය වැඩි විය යුතුය.එනම් ජනතාව කෙරෙහි ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාව යනු තමන්ගේ ආරක්ෂකයා ය යන හැඟිම ඇති විය යුතු ය.එනම් ජනතාවගේ සිත තුළ ‘ව්‍යවස්ථානුකූල භක්තියක්‘ හටගත
යුතුය. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ජනතා සිතුම්පැතුම් සමඟ ඉදිරියට යෑමට ඇති
හැකියාවත්, අපක්ෂපාතී බේරුම්කරුවකු ලෙස ක්‍රියාත්මක වීමත්, සමාන පුරවැසියන් සඳහා
සමාන ඉඩප්‍රස්ථාව යන සංකල්පය ආරක්ෂා වීමත් සිදුවිය යුතුය.
ව්‍යවස්ථානුකූලවාදයේ මූලිකාංග ද්විත්වයකි. එනම්,
1. තනිපුද්ගල ස්වායත්තතාවය(Individual Autonomy)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින් තනි පුද්ගල ස්වායත්තතාවය
ආරක්ෂා කළ යුතුය.එනම් සමාජයේ එක් එක් පුද්ගලයා සතුව ස්වකීය හෘදසාක්ෂියට හා
බුද්ධියට අනුව අනන්‍යසම ලෙස ක්‍රියාත්මක වීමට ඇති අයිතිය ආරක්ෂා විය යුතුය.ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවක් මඟින් මුලික අයිතිවාසිකම් හා නන්වැදෑරුම් නිදහස සුරක්ෂිත කිරිම මඟින්
මෙම කාර්ය්‍ය ඉටු කරයි.
2. සීමිත බලය(Limitation of Power)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුල දක්වා ඇති ප්‍රධාන
බලමූලායතන ත්‍රිත්වයේ බලතල හා ඒවායේ සීමාවන් බලතල බෙදීමේ න්‍යායේ සංවරණ හා තුලන
මූලධර්මයන්ට අනුකූලව පැහැදිලි ලෙස හා විධිමත් ලෙස බෙදා දැක්වීම මින් අදහස් වේ.
මීට අමතරව අධිකරණ විමර්ශන බලය(Judicial Review) පැවතීමද
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලවාදයේ පැවැත්මට උපකාරී වේ.එනම් ව්‍යවස්ථාදායකය පනවනු ලබන
නීතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද පටහැණිද යන්න සලකා බැලීමට අධිකරණයට බලතල
පැවරීම තුළින් ය ද ව්‍යවස්ථාවේ
උත්තරීතරත්වය හා බලතල බෙදීමේ න්‍යාය ද සුරක්ෂිත වේ.
පාර්ලිමේන්තු ස්වාධිත්‍යය යනු.?
පාර්ලිමේන්තු ස්වාධිපත්‍යය යන සංකල්පය ව්‍යවස්ථානුකූලවාදයට
වඩා හාත්පසින්ම වෙනස් වූවකි.පාර්ලිමේන්තු ස්වාධිපත්‍යයක් පවතින රටක උත්තරීතරම
ආයතනය වන්නේ එරට ව්‍යවස්ථාදායකයයි. මෙම සංකල්පය බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමය හරහා ලොවට
ඉදිරිපත්වූවකි.එනම් කිරීටයේ අත්තනෝමතිකත්වයට එරෙහිව පාර්ලිමේන්තුව වෙත බලතල
හිමිකරගැනීමේ අරගලයේදි පාර්ලිමේන්තු ස්වාධිපත්‍යය යන සංකල්පය ඉදිරිපත් විය.මෙම
මතවාදය පෝෂණයට නීතියේ ආධිපත්‍යය සංකල්පයද උපකාරී විය.මන්දයත් නීතියේ ආධිපත්‍ය
සංකල්පයේ සඳහන් ආකාරයට නීතිය ඉදිරියේ සිල්ලලෝම සමානයන්ය,නීතියට ඉහළින් කිසිවකුටත්
පැවතිය නොහැක යන තර්කය තුළින් ව්‍යවස්ථාදායකය පනවනු ලබන නීතියට පාලකයාද යටත් විය
යුතු ය යන්න ඉස්මතු විය.
බ්‍රිතාන්‍ය ජාතික
ලේඛකයකු වූ ලොල්මේ
පවසන පරිදි ස්වාධිපති පාර්ලිමේන්තුවකට සිදුකළ නොහැක්කේ ගැහැණියක පිරිමියෙකු
කිරීමත් පිරිමියෙකු ගැහිණියක කිරීමත් පමණි.
මෙම කියමනෙන්
සනාථ වන්නේ පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය සහිත ව්‍යවස්ථාදායකයකට අධිතර බලතල ප්‍රමාණයක්
හිමිව ඇති බවයි.පාර්ලිමේන්තු ස්වාධිපත්‍යයක් පවතින්නේ නම් කිසිඳු විටෙක බලතල
බෙදීමක් නොපවතී.
පාර්ලිමේන්තු
ස්වාධිත්‍යයේ ලක්ෂණ
1. ව්‍යවස්ථාදායකයට
ඉහළින් පවත්නා කිසිඳු ආයතනයක් නොමැත.
එනම් ව්‍යවස්ථාදායකයට
ඉහළින් හෝ ඊට සමාන තත්ත්වයක විධායකය හෝ අධිකරණය හෝ වෙනත් කිසිඳු ආයතනයක්
නොපවතී.රාජ්‍යයයේ උත්තරීතරම ආයතනය වන්නෙ ව්‍යවස්ථාදායකයයි.මෙය බලතල බෙදීමට පටහැණි
සංකල්පයකි.
2. ව්‍යවස්ථාදායකයට
ඕනෑම නීතියක් පැනවීමට, සංශෝදනයට හා නිශ්ප්‍රභ කිරීමට හැකියාවක් පවතී.
එනම් ව්‍යවස්ථාවට
අනුකූල නාවු නීතින් මෙන්ම අතීතයට බලපාන්නාවු නීතීන් පවා පැනවීමට හැක.
3. ව්‍යවස්ථාදායකය
පනවනු ලබන නීතින් කිසිඳු ආයතනයකට විමර්ශනය කල නොහැක.
එනම් අධිකරණ
විමර්ශන බලයක් ක්‍රියාත්මක නොවේ.
4. ව්‍යවස්ථාදායකය
පෙර පැවති ව්‍යවස්ථාදායකයන් පැනවූ නීති කෙරේ බැඳී නොමැත.
එනම් වර්තමාන
ව්‍යවස්ථාදායකය පෙර පැවති ව්‍යවස්ථාදායකයන් විසින් පනවනු ලැබූ නීතීන් කෙරෙහි බැඳී
නොමැත.අවශ්‍ය නම් ඒවාට පටහැණි ලෙස ක්‍රියාත්මක වීමට හෝ ඒවා සංශෝදනයට වත්මන් ව්‍යවස්ථාදායකයට
හැකියාවක් ඇත.
5. ව්‍යවස්ථාදායකය
ජාත්‍යන්තර නීති හෝ රෙගුලාසි මඟින් බැඳී නොමැත.
ජාත්‍යනතර වශයෙන් බලපවත්වන
නීතීන් කෙරෙහි අනිවාර්ය බැඳීමකින් කටයුතු කළ යුතු නොවේ.
6. ව්‍යවස්ථාදායකය
සදාචාරාත්මක සීමා කෙරෙහි බැඳී නොමැත.
සදාචාරය මත පිහිටා කටයුතු කිරීමට බැඳී නොමැත.
7. ව්‍යවස්ථාදායකයට
කාර්ය්‍යපටිපාටික සීමා නොමැත.
ව්‍යවස්ථාදායකය
ක්‍රියාත්මක විය යුතු පරිපාලනමය හා බලතලමය සීමාවන් නොමැත.
8. ප්‍රතිවාදී
ව්‍යවස්ථාදායක අධිකාරියක් පිළිනොගනී.
පාර්ලිමේන්තුවට
අමතරව කිසිඳු ව්‍යවස්ථාදායක අධිකාරියක් පැවතිය නොහැක.
පාර්ලිමේන්තු
ස්වාධිපත්‍යය යන සංකල්පය තරමක් දුරට අනෙකුත් දේශපාලනික න්‍යායන් හා ගැටුණ ද ප්‍රායෝගික
වශයෙන් ක්‍රියාත්මක වන්නාවු නෙනතික හා දේශපාලන සංකල්පයක් වශයෙන් බ්‍රිතාන්‍ය
පාර්ලිමේන්තුව උදාහරණකොට දක්වමින් පැවසිය හැක.
සැකසුම: කුසල් කාවින්ද අමරසිංහ විසිනි.
0 Comments :
Post a Comment