නීතිය යනු කුමක්ද? යන්නට දියහැකි අර්ථ නිරූපණ රාශියකි.
ආචාරධර්ම හා සමාජ සංස්කෘතික වටපිටාව මඟින් ද මිනිසාගේ හැසිරීම් පාලනය කළද ඒවාට අධිකාරීබලයක් පදනම් නොවන හෙයින් හා රාජ්‍යය මඟින් නොපනවන හෙයින් නීති ලෙස නොහැඳිනෙන්නේ ය.
නීතියේ ලක්ෂණ
· ස්වාධිපත්‍ය බලය පදනම් කරගෙන රාජ්‍ය විසින් පනවනු ලැබීම· මිනිසාගේ සමාජ පැවැත්මේ බාහිර ක්‍රියාකාරකම් පමණක් පාලනය කිරීම
· පොදු සමාජ යහපත අරමුණු කොටගැනීම
· නීති ඛණ්ඩනය කළ විට දඬුවම් වලට යටත්වීමට සිදු වීම
· වෙනස් මත,සමාජ තත්ත්වයන් ආදිය මත නම්‍ය වීම හා පරිණාමය වීම
මිනිසුන් නීතියට අවනත වන්නේ ඇයි..?
මිනිසුන් නීතියට අවනත වන්නේ ඇයි ද යන්නට පිළිතුරු වශයෙන් ගොඩනැඟී ඇති මතවාද ද්විත්වයකි.01. ප්‍රත්‍යක්ෂවාදී නීති මතවාදය
02. සදාචාරාත්මක නීති මතවාදය
මින් පළමුවැන්නට පදනම් වන්නේ නීති ස්වාධිපත්‍යය පදනම් කරගෙන රාජ්‍යය විසින් සමාජ යහපත උදෙසා පනවනු ලැබීම හේතුවෙන් නීති ඛණ්ඩනය කළ විට දඬුවමට යටත්වීමට සිදුවීම යි.
දෙවැන්නට පදනම් වන්නේ පොදු සමාජ යහපත උදෙසා ඇති නීති ඛණ්ඩණය කිරීමට සදාචාරාත්මක අයිතියක් පුරවැසියන් හට නොමැති වීමයි.
නීතියේ මූලාශ්‍ර
· ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව· අණපනත්
· අධිකරණ තීන්දු
· ආචාරධර්ම
· සිරිත් විරිත් හා සම්ප්‍රදායන්
· නීති විශාරදයින්ගේ මතවාද
· චින්තකයින්ගේ චින්තන
· න්‍යායාචාර්‍යවරුන්ගේ න්‍යායන්
· දාර්ශනිකයන්ගේ දර්ශන
නීති ගුරුකුල
· ස්වභාවික නීති ගුරුකුලය· ප්‍රත්‍යක්ෂවාදී නීති ගුරුකුලය
· යථාර්තවාදී නීති ගුරුකුලය
· සමාජවිද්‍යාත්මක නීති ගුරුකුලය
· ආර්ථිකවිද්‍යාත්මක නීති ගුරුකුලය
· ඓතිහාසික නීති ගුරුකුලය
· ශුද්ධ න්‍යායාත්මක නීති ගුරුකුලය
· මාක්ස්වාදී නීති ගුරුකුලය
· ශ්‍රාස්ත්‍රීය නීති ගුරුකුලය
· ස්ත්‍රීවාදී නීති ගුරුකුලය
නීතිය සඳහා වූ අර්ථ නිරූපණ
“නීතිය යනු තාර්කික උගත් බුද්ධියේ ප්‍රතිඵලයක්” -ඇරිස්ටෝටල්-
“ යුක්තියේ පරිපාලනය උදෙසා රාජ්‍ය විසින් ස්ථාපිත කරන ලද හා හඳුනාගන්නා ලද මූලධර්ම වල එකතුව නීතිය වේ” -ශ්‍රීමත් ජොන් සල්මන්ඩ්-
“සිවිල් සමාජය පාලන කිරීම සඳහා රාජ්‍ය සතු උත්තරීතර බලය මඟින් යහපත් දේ සිදු කිරීමටත් අයහපත් දේ සිදු නොකිරීමටත් දෙනු ලබන අණ නීතිය නම් වේ” -බ්ලැක්ස්ටෝන්-
“නීතිය යනු දුප්පතුන් නොසලකා හැර පොහොසතුන් විසින් පාලනය කරන්නකි” - ඔලිවර් ගෝල්ඩ්ස්මිත්-
“නීතිය යනු විශාල කෘමීන් හරහා යන්නා වූද කුඩා කෘමින් ග්‍රහණයට ගන්නා වූද මකුළු දැලක් වැන්නකි” - ඔනෝර් බ්ලැස්ක්-
“නීතිය තුළ නැත්තන් පරාජය කොට ඇත්තන් ජය ගනී” - මාර්ක් ගැලැන්ටර්-
නීතියේ ප්‍රභේද
නීතියේ ප්‍රභේද රාශියකි.ඒ අතුරින් ප්‍රධාන වර්ගීකරණයක් කීපයකි.1. සිවිල් නීතිය - පුරවැසියනි හා පුරවැසියනු අතර පවත්නා සබඳතා වලට අදාල නීතිය
(ගිවිසුම්,විවාහ,දේපල,පවුල්,බෙදුම් ආදී නීතීන්)
2. පොදු නීතිය - පුරවැසියා හා රාජ්‍ය අතර පවත්නා සබඳතා වලට අදාල වන නීතිය
(ව්‍යවස්ථානුකූල නීතිය,ජාත්‍යන්තර නීතිය, අපරාධ නීතිය ආදී නීතීන්)
ශ්‍රී ලංකාවේ නීති ප්‍රභේද
ශ්‍රී ලංකාවට අනන්‍ය වූ නීති ක්‍රමයක් අතීතයේ පැවතුණද යටත් විජිතකරණය නිසා රෝම ලන්දේසි නීති ක්‍රමයේ අභාෂය හා ඉංග්‍රීසි අධිකරණ සම්ප්‍රදායේ ආභාෂය වර්තමාන ලාංකික නීති පද්ධතියට ආදේශ වී ඇත.ශ්‍රී ලංකාවේ ප්‍රධාන නීති ප්‍රභේද වන්නේ,
1. අපරාධ නීතිය - අපරාධ සම්භණ්ද නීති ක්‍රම
2. සිවිල් නීතිය - පුරවැසි සබඳතා පිළිබඳ නීතිය
මීට අමතරව ප්‍රාදේශීය වශයෙන් ‘තේසවලාමේ නීතිය’ ‘මුක්කුවාර් නීතිය’ ද විවාහ නීති සම්ප්‍රදායන් ලෙස ‘උඩරට නීතිය’ හා ‘මුස්ලිම් විවාහ නීතිය’ වැනි නීති ක්‍රියාත්මක වේ.
නීතියේ ආධිපත්‍යය
නීතියේ ආධිපත්‍යය යන සංකල්පය ද නීතිය හා අනන්‍යසම වූ සබඳතාවක් ඇත්තකි.රටක පොදු නීතිය උත්තරීතර වීමත් නීතිය ඉදිරියේ සියල්ලෝම සමානයන් වීම හෙවත් පාලකයා මෙන්ම පාලිතයාත් නීතිය ඉදිරියේ සමාන වීමත් නීතියේ ආධිපත්‍යය යන්නට දියහැකි සරල අර්තකථනයයි. නීතියේ ආධිපත්‍යය සුරක්ෂිතත වීමට අධිකරණයේ ස්වාධීනත්වය හා බලතල බෙදීම යන සංකල්ප අනිවාර්ය වේ.
සැකසුම: කුසල් කාවින්ද අමරසිංහ විසිනි.
0 Comments :
Post a Comment