ඇරිස්ටෝටල් |
කෙසේ නමුත් ක්‍රමිකව වර්ධනය වූ නීතියේ ආධිපත්‍යය සංකල්පය 17 වැනි සියවසේදී පමණ වඩාත් න්‍යායාත්මක ලෙස සංවිධිත විය.මේ වන විට යුරොපය පුරා විවිධ වු දේශපාලනික ප්‍රතිසංස්කරණ රැසක් පැන නැගෙමින් තිබූ අතර යුරෝපයේ අනෙකුත් රාජ්‍යයන්ට සාපේක්ෂව බ්‍රිතාන්‍යය තුළ සිදුවන දේශපාලනික ප්‍රතිසංස්කරණයන්හි යම් මන්දගාමීත්වයක් පැවතුණි.මීට හේතුව වූයේ රාජ්‍ය බලය හිමි වියයුත්තේ කිරීටය වෙතට ද නැතිනම් පාර්ලිමේන්තුව වෙතට ද යන විවාදය පැනනැඟීමයි.ඇතැම් නීතිවේදීන් හා දේශපාලන විද්‍යාඥයන් රජු වෙත බලය ඒකරාශී විය යුතුය යන්න අදහස් කළ ද බොහෝ ප්‍රගතිශීලී නීතිවේදීන් හා දේශපාලන විද්‍යාඥයන් පාර්ලිමේන්තුව වෙත බලතල හිමි විය යුතුයැයි අදහස් කරන ලදී.
ඒ.වී ඩයිසි |
- සාමාන්‍ය නීතිය යටතේ සාමාන්‍ය අධිකරණ ක්‍රියාමාර්‍ගයන් මඟින් සිදුකරනු ලබන යුක්තිය පසිඳලීමකින් මිස කිසිඳු පුද්ගලයකුට ශාරීරිකව හෝ දේපලමය වශයෙන් දඬුවම් පැමිණවීමට රාජ්‍යයට නොහැක.
- නීතිය ඉදිරියේ සියළු දෙනා එක සමාන වේ. එබැවින් නීතියේ දී කිසිවෙකුට වැඩි වරප්‍රසාද හිමි නොවේ.කිසිඳු පුද්ගයකුට සිය තනතුරු හා බලතල මත නීතිය තුළ කිසඳු වරප්‍රසාදයක් හිමි නොවිය යුතුය.සියල්ලොම සාමාන්‍ය නීතයට යටත් විය යුතු බව.
- නීතිය මඟින් පුරවැසි අයිතීන් තහවුරු කොට ආරක්ෂා කළ යුතු බව.පුද්ගලයන්ට අයිතීන් හිමිව ඇත්තේ සමාජ සම්මතයෙන් විනා නීතිය තුළින් නොවන බව ඩයිසි දක්වයි.
ඩයිසිගේ නීතියේ ආධිපත්‍ය සංකල්පය නූතනයට ගැලපීම මදක් උගහටය.මන්දයත් ඔහු දැක්වූ පළමු අදහසට අනුව රටක පැවතිය යතු වන්නේ සාමාන්‍ය නීතිය පමණකි යන්න ප්‍රායෝගික නොවේ.ඩයිසි සිය මතය ඉදිරිපත් කළ අවදියේදී පවා ප්‍රංශයේ පරිපාලන නීති ක්‍රමයක් පැවතුණි.වර්තමාන සමාජ ක්‍රමය සංකීර්ණය.ඒ අනුව විශේෂිත පරිපාලනමය ගැටළු වැනි දෑ සාමාන්‍ය නීතියකින් විසඳනවාට වඩා කාර්යක්ෂමව පරිපාලන නීතිය තුළින් විසඳිය හැක.එමෙන්න විනිශ්චය කරුවන්ට පොදු නීතිය තුළින් විසඳිය නොහැකි ශිල්පමය ගැටළු ඒ පිළිබඳ විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති විශේෂඥයන්ට වඩාත් හොඳින් විසඳිය හැක.විශේෂිත නීති ක්‍රම සමාජයේ පොදු ජනතාව වෙත බලපෑම් නොකරන බැවින් ඉන් පුද්ගල අයිතීන්ට බාධා සිදු නොවේ.ඩයිසි දක්වන පරිදි 'නීතිය ඉදිරිසේ සියළුදෙනෙ සමාන වේ' යන්න න්‍යායාත්මකව දැක්විය හැකි වූවද එය ප්‍රායෝගික නොවේ.එනම් සමාජයේ පවතින දේශපාලනික හා ආර්ථික විෂමතාවන්ට අනුව නීතියේ රැකවරණය ඇති හැකි අයට හිමි වූවද නැති බැරි අයට නීතිය ඉදිරියේ අඩු අවස්ථාවක් හිමිවීම ස්වභාවිකය.මාක්ස්වාදීන් පවසන් පරිදි 'නීතිය යනු ධනපතියන් විසින් නිර්ධනයන් මර්ධනය කිරීමට උපයෝගී කරගන්නා පංති උපකරණයකි'.ඩයිසි තෙවනුව දක්වන පරිදි අයිතීන් නීතය මඟින් හිමි නොවුණද එය ආරක්ෂා කිරීම නීතියේ වගකීමකි.තත්කාලීන බ්‍රිතාන්‍ය අලිඛිත ව්‍යවස්ථාව අනුව අයිතීන් ලිඛිත නීතීන් යටතේ හිමි නොවුණද, අද එය එසේ නොවේ.වර්තමානයේ මූලික අයිතීන් ලබාදී තහවුරු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ම සිදුවේ(උදා- 1978 ශ්‍රී ලංකා අ.ක්‍ර.ව්‍ය. ; 3 පරිඡේදය).එමෙන්ම ඇතැම් අවස්ථාවන්හිදී රාජ්‍ය පනවන නීතීන් නිසා අයිතීන් සුරක්ෂිත වනවා වෙනුවට ඒවා ඛණ්ඩනය වන අවස්ථාද දක්නට ලැබේ.(උදා- ද.අපිකානු වර්ණ භෙද ප්‍රතිපත්තිය,1949 ශ්‍රි ලංකා පුරවැසි පනත)මේ අනුව වර්තමානය වන විට ඩයිසිගේ නීතියේ ආධිපත්‍ය සංකල්පය ක්ෂය වී ඇත.
කෙසේ නමුත් නීතියේ ආධිපත්‍යය සංකල්පය බලතල බෙදීම හා ප්‍රජාතන්ත්‍රවාදය යන දේශපාලනික හා නෛතික සංකල්පයන් සමඟ අවියෝජනීය බැඳිමක් පවත්වයි.
සැකසුම: කුසල්
කාවින්ද අමරසිංහ විසිනි.
0 Comments :
Post a Comment