Simple Knight-Rider Circuit


අද මම බලාපොරොත්තු වෙන්නෙ ඉතාමත් බහුලව භාවිතා වන සංගෘහිත පරිපථයක් වන 4017 සංගෘහිත පරිපථය පිලිබඳව කතා කරන්න. මේ පරිපථයේ ඇති විශේෂත්වය තමයි clock input  0 වෙත continuous pulse එකක් එහෙම නැත්නම් අඛණ්ඩ විද්‍යුත් ස්ඵන්දයක් ලබා දුන්නම යම් නියත කාල ප්‍රාන්තර වලදී වරකට එක බැගින් එම සංගෘහිත පරිපථයේ අග්‍ර 10ක් on කරන එක. සරලව කිව්වොත් pin එකින් එක on කරගෙන යනව. මේ වගේ සංගෘහිත පරිපථයකින් කරන්න පුළුවන් දේවල් බොහොමයි.

මම හිතුව මේ සංගෘහිත පරිපථය යොදාගෙන අපි අතර බොහොම ජනප්‍රිය knight-rider circuit එකක් හදන්න.මුලින්ම අපිට සිදුවෙනව pulse එකක් දෙන්න පුළුවන් පරිපථයක් හදාගන්න. මේ කාර්යය 555 වගේ සංගෘහිත පරිපථයකින් පහසුවෙන් කරගන්න පුළුවන්. නමුත් මම හිතුව ඒ සඳහා අපි කලින් යොදාගත්ත Multi Vibrator පරිපථයේ මූලධර්මයට සමාන මූලධර්මයකින් ක්‍රියා කරන පරිපථයක් යොදාගන්න.


















ඉහත පරිපථය  කලින් ඉදිරිපත් කරපු Flip-Flop පරිපථයට ඉතාමත් සමානයි. මෙහිදී විචල්‍ය ප්‍රතිරෝධකය මගින් Clock Input වෙත ලබා දෙන ස්පන්ද දෙකක් අතර කාල පමාව වෙනස් කරන්න පුළුවන්. Flip-Flop පරිපථයට ඉතාමත් සමාන මූලධර්මයක් භාවිතා කරන බැවින් මම පරිපථයේ මූලධර්මය ගැන වැඩිදුර විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒ පිළිබඳව ඔබගේ ප්‍රශ්න කොමෙන්ටු ආකාරයෙන් ඉදිරිපත් කරන්න.

දැන් අපි 4017 සංගෘහිත පරිපථය වෙත අවධානය යොමු කරමු.


මෙහි CP0    ලෙස සඳහන්ව ඇති අග්‍රය වෙත අඛණ්ඩ ස්පන්දයක් ලබා දෙන විට පෙර සඳහන් කළ පරිදි මෙම IC මගින්  Decoded outputs ලෙස සඳහන් කර ඇති අග්‍ර 0 සිට 9 දක්වා ක්‍රම ක්‍රමයෙන් වරකට එක බැගින් ON කරයි.
එම නිසා Decoded outputs වලට LED සම්බන්ධ කිරීම මගින් අපට Knight-rider පරිපථයක් පහසුවෙන් සකස් කරගන්න පුළුවන්.



සැකසුම: සුදාරක ජයතිලක විසිනි.
Share on Google Plus

Copyright Information

No part of this article (excluding images) may be reproduced, stored in or introduced into a retrieval system, or transmitted, in any form or by any means (electronic, mechanical, recording or otherwise), without the prior permission. Images on this article belong to their respective owners.
    Blogger Comment
    Facebook Comment

0 Comments :

Post a Comment