ඉතිං යාළුවනේ හැමෝටම ඔන්න ආයුබෝවන් කිව්ව. මේක තමයි මගෙ මුල්ම බ්ලොග් පෝස්ට් එක. ඔන්න ඉතිං මම හා පුරා කියල අද ඔයාලට ඉදිරිපත් කරන්න හදන්නෙ හරිම පොඩි පරිපථයක්. ඒ කියන්නෙ සර්කිට් එකක්.මේකට එක එක අය එක එක නම් කියනව. Flip-Flop circuit, robo circuit, multi vibrator circuit වගේ නම් ගොඩක් කියනව. මේක කොච්චර පොඩි උනත් මම නම් හිතන්නෙ මේකෙන් හැමෝටම ගොඩක් දේවල් ඉගෙනගන්න තියනව.
මේ රූපෙ උපුටල ගත්තෙ http://www.technologystudent.com/images4/multi6.gif කියන වෙබ් ලිපිනයෙන්.
අපි දැන් බලමු මේ පරිපථය හදාගන්නෙ කොහොමද කියල.මුලින්ම මම කියන්නම් ඕනෙ දේවල් ට්ක.
- ප්‍රතිරෝධක
- 330Ω - 2යි
- 10K - 2යි
- ධාරිත්‍රක
- 47µF -2යි හෝ 100µF -2යි
- ට්‍රාන්සිස්ටර
- BC547 - 2යි
- LED - 2යි
දැන් මම පහළ දාල තියන Diagram එකට අනුව මේ පරිපථය හදාගන්න. වෙරෝ බෝඩ් එකක් හරි ප්‍රොජෙක්ට් බෝඩ් එකක් යොදාගෙන මේක හදන්න පුළුවන්.
විශේෂයෙන්ම කියන්න ඕනෙ මේ පරිපථයට යොදාගන්න ධාරිත්‍රක දෙක 47µF -2ක් වුනත් 100µF -2ක් වුනත් පරිපථය නම් වැඩ කරනව.
දැන් අපි බලමු මේ පරිපථයෙ ඇත්තටම මොකද වෙන්නෙ කියල.
ඇත්තටම මේ පරිපථයේ මොකද්ද වෙන්නෙ කියල බලන්න නම් අපිට මේ තියන සමමිතික පැති දෙකෙන් එක පැත්තකින් පටන් ගන්න වෙනව. අපි වම් පැත්තෙන් පටන්ගමු. ඇත්තටම අපි පරිපථයට මුලින්ම විදුලිය සපයපු ගමන් එක පැත්තක ධාරිත්‍රකයක් ආරෝපණය වෙන්න පටන් ගන්නව. හැබැයි ධාරිත්‍රකය සම්පූර්ණයෙන් ආරෝපණය වෙනකම් ඒ පැත්තෙ ට්‍රාන්සිස්ටරය හරහා සැලකිය යුතු ධාරාවක් යන්නෙ නෑ .ඒකට හේතුව තමයි LED එක හරහා යන ධාරාවෙන් වැඩි කොටසක් ධාරිත්‍රකය තුළ ගබඩා වෙන එක. සාමාන්‍යයෙන් ට්‍රාන්සිස්ටරයක් හරහා (ඉහත රූපයේ c,e ලෙස සඳහන් කරල තියන පාද අතර) ධාරාවක් ගලන්න නම් පාදමට (ඉහත රූපයේ b) ඉතාමත් කුඩා ධාරාවක් ලබාදෙන්න ඕනැ.
මම ඉස්සරලා කිව්ව වගේ මුලින්ම සම්පූර්ණයෙන් ආරෝපණය වුණු ධාරිත්‍රකය ලැබුණු ආරෝපණ නිදහස් කරන්න ගන්නව. ඒ කියන්නෙ discharge වෙන්න ගන්නව. ඒ කියන්නෙ අනික් පැත්තෙ තියන ට්‍රාන්සිස්ටරයේ පාදමට ඉතාමත් කුඩා ධාරාවක් ලැබෙනව කියන එක. ඉතින් ඒ ට්‍රාන්සිස්ටරයේ c,e පාද හරහා සැලකිය යුතු ධාරාවක් ගලනව. එතකොට ඒ පැත්තෙ LED එක දැල්වෙනව. LED එක දැල්වෙනකම් ඒ පැත්තෙ ධාරිත්‍රකය ආරෝපණය වෙනව. ආරෝපණ මුදාහැරපු ධාරිත්‍රකයේ ආරෝපණ ඉවර වෙනකොට ආරෝපණය වුණු අනික් ධාරිත්‍රකය තමුන්ගෙ ආරෝපණ මුදාහරින්න ගන්නව. ඒ කියන්නෙ කලින් දැල්වුණු LED එක නිවිල අනික් පැත්තෙ LED එක දැල්වෙනව කියන එක. මම දැන් කියපු දේ වෙන්න යන කාලය ඇසිපිය ගහන්න යන කාලයටත් වඩා ඉතා අඩුයි. මෙන්න මෙහෙම තමයි multi vibrator circuit එක වැඩ කරන්නෙ . මම මට පුළුවන් තරම් සරල විදිහට තමයි මේක ඉදිරිපත් කළේ. ඉතින් ඔයාලට මේ ගැන තියන ඕනෑම ප්‍රශ්ණයක් sudarakayasindu@gmail.com කියන ලිපිනයට එවන්න. එහෙමත් නැත්තම් comment එකක් විදිහට දාන්න.
මෙන්න මේ වගේ තමයි මේක වැඩ කරන්නෙ
තවත් පරිපථයකින් හමුවෙමු.
සැකසුම: සුදාරක ජයතිලක විසිනි.
Nice initiative.. keep it up !
ReplyDeleteThankyou ayya :)
DeleteThankyou ayya :)
Delete