ආයුබෝවන් ! හැමෝම කිසි අතුරු ආන්තරාවක් නැතුව බොහොම සතුටින් ඉන්නවා ඇති කියලා අපි හිතනවා. Online Educator බ්ලොග් අඩවියේ "ප්‍රථමාධාර" සම්බන්ධයෙන් පළවෙන දෙවෙනි ලිපිය තමයි මේ. ප්‍රථමාධාර යනු කුමක්ද? කියන කලින් ලිපියෙදි පැහැදිලි කළා වගේම, හැම කෙනෙකුටම ප්‍රථමාධාර පිළිබඳ නිවැරදි දැනුමක් තිබීම ඉතා ම වැදගත්. අපේ නෑදෑයෙකුට, අසල්වැසියෙකුට මොකක් හරි අනතුරක්, ලෙඩක් ඇති වුණාම වෛද්‍යවරයාට කලින් අපිනෙ එතෙන්ට යන්නෙ. ඉතින් ඒ නිසාම, රෝගියාගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් ලොකු උදව්වක් දෙන්න අපිට පුළුවන්. අන්න ඒ ගැන ඔයාලට හොඳ අවබෝධයක් ලබා දෙන්න තමයි අපි මේ ලිපි පෙළ ඉදිරිපත් කරන්නෙ. ඉතින් අපි කැමතියි මේ ලිපි පෙළ ගැන ඔයාලගේ අදහස් දැනගන්න. ඒ විතරක් නෙමෙයි, මොනවහරි අඩුපාඩුවක් තියේනම් ඒ ගැන දැනගන්නත් අපි කැමතියි. එතකොට අපිට පුළුවන් ඉදිරියේදි එවැනි අඩුපාඩු ඇතිවෙන එක වළක්වන්න. (අනතුර කල් තියා හඳුනාගෙන එයින් වැළකී සිටීම තමයි හොඳම ප්‍රථමාධාරය )
හොඳයි එහෙනම් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ "ප්‍රථමාධාරයේ අරමුණු සහ ප්‍රථමාධාරකරුවෙකුගේ ගුණාංග" කියන කරුණු සම්බන්ධව. නමුත් ප්‍රධාන මාතෘකාවට යොමුවෙන්න කලින් මං හිතුවා තවත් පුංචි දෙයක් ගැන ඔයාලව දැනුවත් කරන්න. ඔයාල දන්නවද ප්‍රථමාධාර වලටත් ලෝකයම පිළිගත්ත ලාංඡනයක් තියෙනවා කියලා?
Universal Symbol for First Aid |
"හෑ... මේ මොකක්ද මේ? මේක නෙමෙයිනෙ අපි පාවිච්චි කරන්නෙ". සංකේතය දැකපු ගමන් හුඟක් අයට එහෙම හිතෙන්න ඇති. ඒකෙ පුදුමයක් නෑ.. මොකද ගොඩක් අය ප්‍රථමාධාර සංකේතය කියල භාවිතා කරන්නෙ වැරදි සංකේතයක්නෙ. ඉතින් වැරදි දේ වුණත් හැමතැනම දකිනකොට අපි හිතන්න පෙළඹෙනවා ඒක තමයි හරි දේ කියලා (මේක ප්‍රථමාධාර වලට විතරක් නෙමේ තව ගොඩක් දේවල් වලට අදාලයි ). මේ තමයි ජාත්‍යන්තර ප්‍රමිතිකරණ ආයතනය මගින් පිළිගත් ප්‍රථමාධාර සංකේතය, "කොළ පැහැති පසුබිමක සුදු පැහැති කුරුසය". මේ සංකේතය හැදුනෙ කොහොමද කියල ඔයාලට දැනගන්න පුළුවන් ඔය සංකේතයට පහලින් තියෙන Universal Symbol for First Aid කියන වචන පේලිය ක්ලික් කලාම. ඔයාල වැඩි දෙනෙක් දැනට ප්‍රථමාධාර සංකේතය කියල පාවිච්චි කරන්නෙ රතු කුරුස ලාංඡනයනේ. ඒක වැරදියි. ඒක අයිති රතු කුරුස සමාජයට. 2006 අංක 4 දරණ ජිනීවා සම්මුති පනත යටතේ, මේ රතු කුරුස ලාංඡනය අනිසි ලෙස භාවිතය දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ නිසා ප්‍රථමාධාර, ෆාමසි, වෛද්‍ය මධ්‍යස්ථාන වගේ තැන්වල රතු කුරුස ලාංඡනය ප්‍රදර්ශණය කරන්න එපා. ඒවට වෙන වෙනම පිළිගත් සංකේත තියෙනවා. රතු කුරුස ලාංඡනයේ අනිසි භාවිතයට තියෙන දඬුවම් මොනවද කියල 2006 අංක 4 දරණ ජිනීවා සම්මුති පනතේ පැහැදිලිව සඳහන් වෙනවා. ඒ නිසා මේ ලාංඡනය ගැන ඔයාලගෙ හිතවතුන්වත් දැනුවත් කරන්න.
ප්‍රථමාධාරයේ අරමුණු
අපි යම් රෝගියෙකුට ප්‍රථමාධාර කරන්නෙ ප්‍රධාන අරමුණු 3 ක් ඔලුවෙ තියාගෙන. ඉංග්‍රීසි භාෂාවෙන් ගත්තම මේ අරමුණු තුනෙම මුල් අකුරු වෙලා තියෙන්නෙ "P" අකුර. ඒ නිසා මේකට "Three P s"කියලත් කියනවා.
1. රෝගියාගේ ජීවිතය බේරා ගැනීම - Preserve Life
පළමු අරමුණ වෙන්නෙ ඔබේ රෝගියාගේ ජීවිතය බේරා ගැනීම. ජීවිතය බේරගත්තොත් තමයි අනිකුත් ආබාධ වලට ප්‍රතිකාර කරලා නැවත රෝගියාව යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්. ඒ නිසා සෑම ප්‍රථමාධාරකරුවෙක්ම මතක තබාගත යුතු කරුණක් තමයි හදිසි ප්‍රථමාධාර ක්‍රමවේද ක්‍රියාත්මක කරමින් අපි බලාපොරොත්තු වෙන්නෙ රෝගියාගේ ජීවිතය බේරා දීම බව. උදාහරණයක් විදිහට රෝගියාගේ ස්වසන මාර්ගය විවෘත කීරීම, කෘතිම ස්වසනය ලබා දීම (මේ දේවල් ඔබ ඉගෙන ගනියි ඉදිරියේදි ) වැනි දේවල් හරහා අපි උත්සාහ කරන්නෙ රෝගියාගේ ජීවිතය බේරා ගන්න. රෙදි කඩක් පාවිච්චි කරලා ඔබ රෝගියාගේ තුවාලයට යොදන වෙළුමක් මගින්, ශරීරයෙන් විශාල වශයෙන් රුධිරය වහනය වීම නිසා සිදුවෙන මරණයක් වළක්වා ගන්න පුළුවන් බව ඔයා දන්නවද?
2. තත්ත්වය උත්සන්න වීම වැළැක්වීම - Prevent Deterioration
දෙවනුව අපේ අරමුණ වෙන්නෙ රෝගියාගේ රෝගී තත්ත්වය තවත් වැඩි වෙන එක වැළැක්වීම. දැනටමත් අනතුර හෝ රෝගී තත්ත්වය නිසා රෝගියාට යම් හානියක් සිද්ධ වෙලා ඉවරයි වෙන්න පුළුවන්. වෙච්ච දෙයක් ආපස්සට හරවන්න අපිට බෑනෙ. නමුත් අපිට පුළුවන් ඒ අනතුර නිසා රෝගියාට තවත් හානි වෙන එක වළක්වන්න. කොහොමද? අපි හිතමු සෙල්ලම් කරද්දි වැටිල අත කැඩිච්ච ළමයෙක් ඉන්නවා කියලා. අපිට පුළුවන් ඒ ළමයට කියන්න "අත හොලවන්න එපා" කියලා. එහෙම නැත්තන් අපිට පුළුවන් ඒ අතේ සෙලවීම අවම වෙන විදිහට උරමාවක් දාන්න. ඒ මගින්, අස්ථි එකිනෙක ගැටිලා අස්ථියට තවත් හානි වෙන එක වැළැක්වෙනවා වගේම රෝගියාගේ වේදනාවත් අඩු වෙනවා. අපි හිතමු රිය අනතුරක් සිදු වෙලා මනුස්සයෙක් පාර මැද වැටිලා ඉන්නවා කියල. එයාගෙ කොඳුඇට පෙළට හානි වෙලා නෑ කියල තහවුරු කරගත්තට පස්සෙ අපිට පුළුවන් එයාව පාරෙන් ඉවත් කරල වඩාත් ආරක්ෂිත තැනකට ගෙනියන්න. එහෙම නැත්තන් පාරෙ යන අනික් වාහන වලින්, මිනිස්සුන්ගෙන් මේ රෝගියාට තවත් හානි වෙන්න ඉඩ තියෙනවා. අපි හිතමු දරුණු රුධිර වහනයක් සිදුවෙන රෝගියෙක්ව ඔබ රෝහල්ගත කරනව කියල. ආ දැන් ඉතින් ඉස්පිරිතාලෙට ගෙනියනවනෙ කියල බලන් ඉන්නෙ නැතුව ඔබ ඉගෙනගත් ක්‍රම ශිල්ප භාවිතයෙන් රෝගියාගේ රුධිර වහනය නවත්ව ගත්තොත්, ඔබට පුළුවන් රෝගියා කම්පන තත්ත්වයට පත්වෙන එක වළක්වා ගන්න. සර්පයෙක් දෂ්ඨ කරපු රෝගියෙක් සම්බන්ධව කතා කරද්දි අපි කියනවා රෝගියාට ඇවිදින්න, මහන්සි වෙන්න දෙන්න එපා, එහෙම කළොත් විස පැතිරෙනවා වැඩියි කියලා. ඉතින් ඒක කරන්න මහ ලොකු අමාරු දෙයක් ද? ඔබ කරන පුංචි දේකිනුත් රෝගියාගේ ජීවිතය අවදානමට ලක් වෙන එක අවම කරන්න පුළුවන්.මේ ගැන ඔයාට තවත් පැහැදිලි වෙයි ඉදිරි ලිපි වලදි අපි විවිධ අනතුරු සහ රෝග තත්ත්ව ගැන කතා කරනකොට.
3. සුවය පහසු කරවීම - Promote Recovery
ප්‍රථමාධාර ක්‍රියාත්මක කරන අතරෙම අපි රෝගියාව ඉක්මනින්ම වෛද්‍යාධාර වෙත යොමු කරවන්නෙ මේ සුවය පහසු කරවන්න තමයි. හොඳට මතක තියාගන්න. අපි කරන පුංචි ප්‍රථමාධාරයකින් වුණත් පුළුවන් පසු කාලීනව රෝගියාට විශාල බලපෑමක් වෙන එක නවත්තන්න. කකුල සම්පූර්ණයෙන්ම වෙන් වෙච්ච කෙනෙක්ගේ වුණත් අදාල කොටස් ටික නියමිත පිළිවෙලට, නියමිත කාලය ඇතුලත රෝහල වෙත ගෙනිච්චොත් වෛද්‍යවරුන්ට පුළුවන් කකුල ආපහු බද්ධ කරන්න. දැන් වෛද්‍ය විද්‍යාව හුඟාක් දියුණුයි වගේම අපේ වෛද්‍යවරුත් ගොඩක් දක්ෂයි. පිළිස්සුණු රෝගියෙක්ව නිකන්ම රෝහලට අරන් යනවට වඩා, පිළිස්සුණු ස්ථානය සිසිල් කරමින් (කරන්නෙ කොහොමද කියලා අපි කියන්නම් "පිළිස්සුම්" පාඩමේදි ) රෝහලට ගෙන යාම තුලින් ඔබට පුළුවන් රෝගියා සුව වෙලා ගෙදර යන එක දවසකින් හරි ඉක්මන් කරන්න.
ඉතින් අපි ප්‍රථමාධාර ක්‍රියාත්මක කරන හැම වෙලාවකදිම අපි බොහොම තදින් හිතේ තියාගන්න ඕනෙ ඔය උඩින් විස්තර කරපු අරමුණු තුන.
ලිපි පෙලේ පළවෙනි ලිපියෙදිම මම කිව්වා හැමෝටම හොඳ ප්‍රථමාධාරකරුවෙක් වෙන්න බෑ කියලා. හොඳ ප්‍රථමාධාරකරුවෙක් වෙන්න නම් අප තුළ වර්ධනය කරගත යුතු ගුණාංග ගොඩාක් තියෙනවා. අන්න ඒ ගුණාංග ටික ඇති කරගත්තොත් ඕනම තරාතිරමක කෙනෙක්ට පුළුවන් ප්‍රථමාධාරකරුවෙක් වෙන්න. නමුත් ඒ ගොඩාක් ගුණාංග අතරින් මෙන්න මේ පහල විස්තර කෙරෙන තුන ප්‍රමුඛ වෙනවා. ඇත්තටම මේ ත්‍රිත්වය ප්‍රථමාධාරකරුවෙක් යන යන හැමතැනම රැගෙන යා යුතු දේවල් කියල කිව්වත් නිවැරදියි.
ප්‍රථමාධාර නිර්වචනයේදි මම කිව්වනෙ "ප්‍රථමාධාර යනු ..... පිළිගත් න්‍යායයන් සහ ක්‍රමවේද භාවිතයෙන්...." කියල කතාවක්. ප්‍රථමාධාර පිළිබඳ මනා පුහුණුව කියන එකෙන් සරලවම අදහස් වෙන්නෙ ඔන්න ඔය පිළිගත් ක්‍රම සහ න්‍යායයන් ගැන දැන සිටිය යුතුයි කියන එක. කතාවක් තියෙනවනෙ දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග කියලා. ප්‍රථමාධාරත් ඒ වගේම තමයි, දැනගෙන කළොත් ගොඩ, නොදැන කළොත් කූඩුවේ. අපිට එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන්න වෙන ඕනෑම වර්ගයක අනතුරකදී ක්‍රියාත්මක විය යුත්තේ කොයි ආකාරයෙන්ද කියල ප්‍රථමාධාරයේ බොහොම පැහැදිලි ලෙස විස්තර කෙරෙනවා. ක්ලාන්තයකදී නම් කොහොමද, අතක් කැඩිල නම් කොහොමද, හෘදයාබාධයකදී කරන්න ඕනෙ මොකක්ද, දරුණු රුධිර වහනයක් නවත්ත ගන්නෙ කොහොමද ආදී වශයෙන් මේ හැම එකකටම යම් ක්‍රමයක් නිර්දේශ කරල තියෙනවා. ඒ නිර්දේශිත ක්‍රම පිළිබඳව ඔබ දැන සිටිය යුතු වෙනවා. අන්න ඒ පිළිගත් ක්‍රමවේද පිළිබඳව ඔබ දැනුවත් කරන එක තමයි අපි මේ ලිපි මාලාව හරහා කරන්නෙ.
ඒ නිසා අපේ ලිපි පෙළ හරහා දැනුම නම් ඔබට නො අඩුව ම ලැබේවි. නමුත් හොඳ ප්‍රථමාධාරකරුවෙක් වෙන්න නම් දැනුම විතරක් ප්‍රමාණවත් නැහැ. පුහුණුවත් ඔබ සතුව තිබිය යුතුමයි. ඒ සඳහා ඔබට උදව්වක් ගන්න පුළුවන් ආයතන ගොඩාක් තියෙනව ලංකාවේ. ඉතින් ඒ ආයතනයක් වෙත ගිහින් අවශ්‍ය වැඩිදුර දැනුම සහ පුහුණුව ලබා ගැනීම ඔබට අයිති දෙයක්.
තව වැදගත් දෙයක් තියෙනවා. ඔබ කොච්චර ප්‍රථමාධාර කරල බේරගන්න හැදුවත් රෝගියා මිය ගියොත් හෝ අවයව ඉවත් කිරීමක් වගේ බරපතල හානියක් ඇතිවුණොත්, ඔබ නිවැරදි ක්‍රම අනුගමනය කරලා තියෙනවා නම් ඔබට නීතිය හමුවේ කිසිම ගැටළුවක් ඇති වෙන්නෙ නෑ. දැන් තේරෙනව නේද ප්‍රථමාධාර පිළිබඳ මනා දැනුම සහ පුහුණුව කොච්චර වැදගත් ද කියලා?
අපේ බාසාවෙන් කිව්වොත් "තැනට සුදුසු නුවණ". මේක නම් ඉතින් අපිට දෙන්න බෑ ඔන්න. ප්‍රථමාධාර ගැන දැනුවත් කරනවා කියල ඔබට හමුවෙන හැම රෝගියෙක් ගැනම වෙන් වෙන්ව කියල දෙන්න අපිට බැහැනෙ. රුධිර වහනය සහ අස්ථි බිඳුම් කියන්නෙ ප්‍රථමාධාරයේ එන පාඩම් දෙකක්. නමුත් එකම රෝගියෙක්ට මේ අනතුරු දෙකම සිදු වෙලා නම්, "ආ අපිට මේ දෙකම සිද්ධ වෙච්ච රෝගියෙකුට කරන්න ඕනෙ දේ ගැන කියල දීල නෑ" කියල පැත්තකට වෙලා ඉන්නවද? අපි ලබා දෙන දැනුම ආශ්‍රයෙන් අවස්ථාව අනුව මේ අනතුරු දෙක කළමනාකරණය කරගන්න ඔබට හැකියාව තියෙන්න ඕනෙ. ඒ වගේම තමයි අවශ්‍ය උපකරණ නෑ කියල උඩ බලන් ඉන්නත් බෑ. ප්‍රථමාධාරයේ තියෙන විශේෂත්වයත් වෛද්‍ය ආම්පන්න නොමැතිව රෝගීන්ගේ ජීවිත ආරක්ෂාවට කටයුතු කිරීමයි. තියෙන සම්පත් සුදුසු විදිහට යොදාගෙන ප්‍රථමාධාරය ක්‍රියාත්මක කරන්න ඔබට හැකියාව තිබිය යුතුයි. ඒකට තමයි ස්ථානෝචිත ප්‍රඥාව වැදගත් වෙන්නෙ.
මේකත් ඉතින් අපිට දෙන්න බෑ ඔන්න. මේව ඔබ සතුව තිබිය යුතු කුසලතා. දහසක් දෙනා හරියි කිව්වත්, ඔබ ඉගෙන ගත් න්‍යායයන් හා ක්‍රමවේද වලට අනුව ඒක වැරදියි නම් ඒ වැරදි දේ නොකර ඉන්න ඔබට ශක්තිය තියෙන්න ඕනෙ. ප්‍රථමාධාර ගැන නොදන්න ගොඩාක් දෙනා අතරෙ, ප්‍රථමාධාර ගැන දන්න ඔබ අතේ තමයි අනතුරට ලක්වෙච්ච අයගේ සහ වටපිටාවෙ ඉන්න අනිත් අයගේත් ආරක්ෂාව රැඳිල තියෙන්නෙ. ඒ වගේ අවස්ථාවක මූලිකත්වය අරන් කටයුතු කරන්න, නිවැරදි තීරණය ගන්න, වටේ පිටේ ඉන්න අනික් අයගෙනුත් උදව් අරගෙන ඕනෑම ආකාරයක බරපතල අනතුරක් නිවැරදිව කළමනාකරණය කරගන්න ඔබට පුළුවන් වේවි ඔබ හොඳ නායකයෙක් නම්.
ඉහත සඳහන් කරපු ප්‍රධාන කරුණු වලට අමතරව කරුණාව, පිළිකුල් නැති බව, කඩිසර බව, විනීත බව, භේද නොසැලකීම වගේ තවත් ගුණාංග රාශියක් තියෙනවා ප්‍රථමාධාරකරුවෙක් වර්ධනය කරගත යුතු.
ප්‍රථමාධාරකරුවෙක් කියන්නෙ වෛද්‍යවරයෙක් නෙමෙයි. නමුත් ප්‍රථමාධාරකරුවෙක් කියන්නෙ පැහැදිලිවම ජීවිත ආරක්ෂකයෙක්. තුන් කල් දක්නා නුවණක් ඇති, බොහොම විචක්ෂණශීලි, කුසලතා වලින් පිරිපුන් පුද්ගලයෙක්. ප්‍රථමාධාරකරුවෙක් විදිහට ඔබ කරන පුංචි දේකින්, දිනකට මරණයට පත්වෙන සහ සදාකාලික ආබාධිත තත්ත්ව වලට පත්වෙන සිය ගාණක් දෙනාව බේරගන්න පුළුවන් බව මීට කලින් ඔබට නිකමටවත් හිතුන ද? ඉතින් අපේ මේ වෑයම ගමින් ගම, දොරින් දොර ප්‍රථමාධාර දැනුම බෙදා දෙමින් අනතුරු, ලෙඩ රෝග නිසා අකාලයේ මිය යන වටිනා ජීවිත බේරා ගැනීමෙ සද්කාර්යයට ඔබවත් දායක කර ගන්න එක.
හොඳයි එහෙනම් අද හුඟක් දේවල් කතා කළා අපි. සමහර තාක්ෂණික යෙදුම් එහෙම ටිකක් බර වැඩි ද මන්දා. නමුත් අපි ඒ යෙදුම් පාවිච්චි කරන්නෙ ප්‍රථමාධාර සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බහුතරයක් දෙනාගේ ප්‍රයෝජනය වෙනුවෙන්. අපි හිතනවා මේ වෙද්දි "මමත් හොඳ ප්‍රථමාධාරකරුවෙක් වෙනවා" කියල අදහසකට ඔයාල ගොඩක් අය ඇවිත් ඇති. ඒක තමයි අපේ අරමුණ. මේ ලිපි පෙළ කියවන අයගෙන් එක්කෙනෙක් හරි නිවැරදි ප්‍රථමාධාර ක්‍රියාත්මක කරලා කාගෙ හරි ජීවිතයක් බේරගත්තොත්, ඒක තමයි අපි ලබන ලොකුම සතුට.
එහෙනම් අදට සමුගන්නම්. අපේ ඊළඟ ලිපියෙන් අපි කතා කරන්නෙ "ප්‍රථමාධාරකරුවෙකුගේ වගකීම සහ කාර්යයභාරය ගැන". මොනවා හරි ගැටළුවක් තියෙනවා නම් පල්ලෙහායින් කොමෙන්ට් කරල ඒ ගැන අපිව දැනුවත් කරන්න දෙපාරක් හිතන්න එපා. අපි බොහොම කැමැත්තෙන් ඉන්නවා ඔයාලට සහාය වෙන්න. එහෙනම් නිරෝගිමත් දවසක් ඔබ සැමට !
සැකසුම: දුමින්ද සංජීව විසිනි.
ප්‍රථමාධාරකරුවෙකු සතු විය යුතු ගුණාංග

ප්‍රථමාධාර පිළිබඳ මනා දැනුම සහ පුහුණුව

ස්ථානෝචිත ප්‍රඥාව
අපේ බාසාවෙන් කිව්වොත් "තැනට සුදුසු නුවණ". මේක නම් ඉතින් අපිට දෙන්න බෑ ඔන්න. ප්‍රථමාධාර ගැන දැනුවත් කරනවා කියල ඔබට හමුවෙන හැම රෝගියෙක් ගැනම වෙන් වෙන්ව කියල දෙන්න අපිට බැහැනෙ. රුධිර වහනය සහ අස්ථි බිඳුම් කියන්නෙ ප්‍රථමාධාරයේ එන පාඩම් දෙකක්. නමුත් එකම රෝගියෙක්ට මේ අනතුරු දෙකම සිදු වෙලා නම්, "ආ අපිට මේ දෙකම සිද්ධ වෙච්ච රෝගියෙකුට කරන්න ඕනෙ දේ ගැන කියල දීල නෑ" කියල පැත්තකට වෙලා ඉන්නවද? අපි ලබා දෙන දැනුම ආශ්‍රයෙන් අවස්ථාව අනුව මේ අනතුරු දෙක කළමනාකරණය කරගන්න ඔබට හැකියාව තියෙන්න ඕනෙ. ඒ වගේම තමයි අවශ්‍ය උපකරණ නෑ කියල උඩ බලන් ඉන්නත් බෑ. ප්‍රථමාධාරයේ තියෙන විශේෂත්වයත් වෛද්‍ය ආම්පන්න නොමැතිව රෝගීන්ගේ ජීවිත ආරක්ෂාවට කටයුතු කිරීමයි. තියෙන සම්පත් සුදුසු විදිහට යොදාගෙන ප්‍රථමාධාරය ක්‍රියාත්මක කරන්න ඔබට හැකියාව තිබිය යුතුයි. ඒකට තමයි ස්ථානෝචිත ප්‍රඥාව වැදගත් වෙන්නෙ.
නායකත්වය
මේකත් ඉතින් අපිට දෙන්න බෑ ඔන්න. මේව ඔබ සතුව තිබිය යුතු කුසලතා. දහසක් දෙනා හරියි කිව්වත්, ඔබ ඉගෙන ගත් න්‍යායයන් හා ක්‍රමවේද වලට අනුව ඒක වැරදියි නම් ඒ වැරදි දේ නොකර ඉන්න ඔබට ශක්තිය තියෙන්න ඕනෙ. ප්‍රථමාධාර ගැන නොදන්න ගොඩාක් දෙනා අතරෙ, ප්‍රථමාධාර ගැන දන්න ඔබ අතේ තමයි අනතුරට ලක්වෙච්ච අයගේ සහ වටපිටාවෙ ඉන්න අනිත් අයගේත් ආරක්ෂාව රැඳිල තියෙන්නෙ. ඒ වගේ අවස්ථාවක මූලිකත්වය අරන් කටයුතු කරන්න, නිවැරදි තීරණය ගන්න, වටේ පිටේ ඉන්න අනික් අයගෙනුත් උදව් අරගෙන ඕනෑම ආකාරයක බරපතල අනතුරක් නිවැරදිව කළමනාකරණය කරගන්න ඔබට පුළුවන් වේවි ඔබ හොඳ නායකයෙක් නම්.
ඉහත සඳහන් කරපු ප්‍රධාන කරුණු වලට අමතරව කරුණාව, පිළිකුල් නැති බව, කඩිසර බව, විනීත බව, භේද නොසැලකීම වගේ තවත් ගුණාංග රාශියක් තියෙනවා ප්‍රථමාධාරකරුවෙක් වර්ධනය කරගත යුතු.
ප්‍රථමාධාරකරුවෙක් කියන්නෙ වෛද්‍යවරයෙක් නෙමෙයි. නමුත් ප්‍රථමාධාරකරුවෙක් කියන්නෙ පැහැදිලිවම ජීවිත ආරක්ෂකයෙක්. තුන් කල් දක්නා නුවණක් ඇති, බොහොම විචක්ෂණශීලි, කුසලතා වලින් පිරිපුන් පුද්ගලයෙක්. ප්‍රථමාධාරකරුවෙක් විදිහට ඔබ කරන පුංචි දේකින්, දිනකට මරණයට පත්වෙන සහ සදාකාලික ආබාධිත තත්ත්ව වලට පත්වෙන සිය ගාණක් දෙනාව බේරගන්න පුළුවන් බව මීට කලින් ඔබට නිකමටවත් හිතුන ද? ඉතින් අපේ මේ වෑයම ගමින් ගම, දොරින් දොර ප්‍රථමාධාර දැනුම බෙදා දෙමින් අනතුරු, ලෙඩ රෝග නිසා අකාලයේ මිය යන වටිනා ජීවිත බේරා ගැනීමෙ සද්කාර්යයට ඔබවත් දායක කර ගන්න එක.
හොඳයි එහෙනම් අද හුඟක් දේවල් කතා කළා අපි. සමහර තාක්ෂණික යෙදුම් එහෙම ටිකක් බර වැඩි ද මන්දා. නමුත් අපි ඒ යෙදුම් පාවිච්චි කරන්නෙ ප්‍රථමාධාර සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බහුතරයක් දෙනාගේ ප්‍රයෝජනය වෙනුවෙන්. අපි හිතනවා මේ වෙද්දි "මමත් හොඳ ප්‍රථමාධාරකරුවෙක් වෙනවා" කියල අදහසකට ඔයාල ගොඩක් අය ඇවිත් ඇති. ඒක තමයි අපේ අරමුණ. මේ ලිපි පෙළ කියවන අයගෙන් එක්කෙනෙක් හරි නිවැරදි ප්‍රථමාධාර ක්‍රියාත්මක කරලා කාගෙ හරි ජීවිතයක් බේරගත්තොත්, ඒක තමයි අපි ලබන ලොකුම සතුට.
එහෙනම් අදට සමුගන්නම්. අපේ ඊළඟ ලිපියෙන් අපි කතා කරන්නෙ "ප්‍රථමාධාරකරුවෙකුගේ වගකීම සහ කාර්යයභාරය ගැන". මොනවා හරි ගැටළුවක් තියෙනවා නම් පල්ලෙහායින් කොමෙන්ට් කරල ඒ ගැන අපිව දැනුවත් කරන්න දෙපාරක් හිතන්න එපා. අපි බොහොම කැමැත්තෙන් ඉන්නවා ඔයාලට සහාය වෙන්න. එහෙනම් නිරෝගිමත් දවසක් ඔබ සැමට !
සැකසුම: දුමින්ද සංජීව විසිනි.
0 Comments :
Post a Comment