දේශපාලන විද්‍යාවේ ඉතිහාසය
දේශපාලන විද්‍යාව විෂයක් ලෙස අධ්‍යයනය කිරීම ආරම්භ වන්නෙ ක්‍රි.පු 04 -05 සියවස් වල දී ය. ග්‍රික ජාතික දාර්ශනිකයකු වූ ඇරිස්ටෝටල් සම්භාව්‍ය දේශපාලන විද්‍යාවේ පියා ලෙස හැඳින්වේ.ඔහු විසින් පැහැදිලිවම දේශපාලනය හා දේශපාලන විද්‍යාව යනු එකිනෙක වෙන් වූ විෂයන් දෙකක් බවට විග්‍රහ කළේය.ඇරිස්ටෝටල් විසින් "දේශපාලන විද්‍යාව සමාජ විද්‍යාවන් අතර අග රජු" ලෙස හැඳින් වීය.ඇරිස්ටෝටල් |
ඇරිස්ටෝටල් සඳහන් කළ පරිදි "මිනිසා යනු දේශපාලනික සත්ත්වයෙකි". ඒ අනුව සෑම පුද්ගලයකු හට ම අඩු වැඩි වශයෙන් කිසියම් දේශපාලන දැනුමක් ඇත. දේශපාලන විද්‍යාව තුළින් සිදුවන්නේ මිනිසා සතුව ස්වභාවයෙන්ම පිහිටා ඇති දේශපාලනික විඥ්ඥාණය වැඩිදියුණු කිරීමයි.
ග්‍රීක යුගයේ දී නගර රාජ්‍ය පාලන හැඳින්වීමට යොදාගත් “Polis” යන වචනයේ අනුසාරයෙන් “Politics” යන ඉංග්‍රීසි වචනය නිර්මාණය වී ඇත.
ග්‍රික යුගයෙන් අනතුරුව රෝම යුගය තුළදී ද දේශපාලන විද්‍යාවේ විෂය ක්ෂේත්‍රය ප්‍රසාරණය විය. මෙම යුගයේ සිටි සිසෙරෝ, ප්ලෝබියස්, සෙනෙකා වැනි දාර්ශනිකයෝ දේශපාලන විද්‍යාව පිළිබඳ නව අදහස් ඉදිරිපත් කළහ. රෝම අධිරාජ්‍ය ක්‍රමයේ පැවැත්මට අදාල න්‍යායාත්මක සාධක මෙම යුගයේ දී දේශපාලන විද්‍යාව තුළ සාකච්ඡා විය.
අනතුරුව එළඹෙන මධ්‍යතන යුගය තුල දේශපාලන විද්‍යාවේ විශාල පෙරළියක් සිදු විය. කතෝලික පල්ලියේ බලයත්, වැඩවසම් සමාජ ක්‍රමයත් දේශපාලන විද්‍යාවේ විකාශනයට සෘජු ලෙස බලපාන ලදී. ශාන්ත ඔගස්ටීන්,ශාන්ත තෝමස් ඇක්වයිනාස් වැනි දාර්ශනිකයන් මෙම යුගයේ බිහි විය. "දේව වරම් වාදය" වැනි න්‍යායයන් බිහි වුයේ මධ්‍යකාලීන යුගයේ දී ය.
16 වැනි සියවසේ සිදුවන ආගමික පුනරුදයත් සමඟ යුරෝපය පුරා නව දේශපාලනික රැල්ලක් හමාගියේය. පල්ලියේ ආධිපත්‍යයට යටත්ව සිටි ජනතාව ක්‍රමයෙන් නැගී සිටින්නට විය. පල්ලියේ පාලනයට යටත්ව සිටි රජු ඇතුළු පාලක පැලැන්තියේ බලය ද වර්ධනය විය. අවසානයේ පාප් අධිරාජ්‍යය බිඳවැටී නව ජාතික රාජ්‍යයන් යුරෝපය පුරා බිහි විය. කාර්මික විප්ලවයද මෙම පරිවර්තනයට හේතුසාධක විය. මෙම යුගයේ ඇති වූ ආගමික පුනරුදයට මාර්ටිං ලූතර් වැනි දේවගැතිවරුන්ගේ ප්‍රතිසංස්කරණවාදී අදහස් ඉවහල් විය. ජෝන් ලොක්, ජීන් ජැක්වින් රුසෝ, තොමස් හෝබ්ස් වැන්නවුන්ගේ අදහස් මෙම යුගයේ නව දේශපාලන න්‍යායන් බිහි කිරීමට සමත් විය.
1513 දී "කුමාරයා" (The Prince) නම් දේශපාලන න්‍යායාත්මක ග්‍රන්ථය රචනා කරමින් ඉතාලි ජාතික නිකලෝ මැකියාවේලි විසින් බලවාදී න්‍යාය හඳුන්වා දෙන ලදී. ඔහු බලවාදී ගුරු කුලයේ ආරම්භකයා වේ. "රාජ්‍යය යනු බල සංවිධානයකි,දේශපාලනය යනු බල අරගලයකි" යනුවෙන් සඳහන් කළ මොහු දේශපාලන විද්‍යාව බලය පිළිබඳ හදාරන විෂය ලෙස හැඳින්වීය.
නිකලෝ මැකියාවේලි |
19 හා 20 සියවස් වල දී ලිබරල්වාදය, සමාජවාදය හා ෆැසිස්ට්වාදය යන දේශපාලනික දර්ශන වර්ධනය වීමත් සමඟ දේශපාලන විද්‍යාවේ විෂය ක්ෂේත්‍රය පුළුල් වෙනසකට භාජනය විය. 20 සියවසේ මැද භාගයේ දී ඇමරිකානු ජාතික දේශපාලන විද්‍යාඥයන් පිරිසක් විසින් ඉදිරිපත් කළ "චර්යාවාදී" අදහස් දේශපාලන විද්‍යාවේ නව පෙරළියක් ඇති කළේ ය.
මේ අනුව සලකා බැලීමේ දී දේශපාලන විද්‍යාව විකාශනය වූ මුලික යුග 4ක් හඳුනාගත හැක.
- ග්‍රීක යුගය
- රෝම යුගය
- මධ්‍යතන යුගය
- නූතන යුගය
දේශපාලන විද්‍යාවේ විෂය ක්ෂේත්‍රය
දේශපාලන විද්‍යාව පිළිබඳව නිශ්චිත අර්ථකථනයක් අද වන තුරු ඉදිරිපත් වී නොමැත. මන්දයත් දේශපාලන විද්‍යාව සමාජීය විද්‍යාවක් වන බැවිනි. සමාජ විද්‍යාවන් තුළින් මිනිස් සමාජයේ විවිධ වු පැතිකඩ අධ්‍යයනය කරයි. ඒ අනුව දේශපාලන විද්‍යාව තුළ මිනිසාගේ දේශපාලන සමාජ පැතිකඩ අධ්‍යනය කරනු ලබයි. කාලානුරූපීව වෙනස් වන මිනිස් සමාජයට අනුරූපීව මිනිසාගේ දේශපාලන චර්යා ද වෙනස් වන බැවින් දේශපාලන විද්‍යාවේ විෂය ක්ෂේත්‍රය ද නිශ්චිත නොවේ.දේශපාලන විද්‍යාවේ විෂය ක්ෂේත්‍රය මූලික වශයෙන් ප්‍රදාන කොටස් 4ට වෙන් කර දැක්විය හැක.එනම්,
- දේශපාලන න්‍යාය
- දේශපාලන දර්ශනය
- දේශපාලන මතවාද
- දේශපාලන චින්තනය
මෙම ප්‍රධාන විෂය කේෂේත්‍රයන් 4 ට අමතරව තවත් අනුශාංගික කොටස් කීපයකි.
- දේශපාලන ආයතන
- රාජ්‍යය හා ආණ්ඩු
- දේශපාලන බලය
- දේශපාලන ක්‍රියාදාමය
- නීතිය හා අධිකරණය
- තුලනාත්මක ආණ්ඩු ක්‍රමය
- රාජ්‍ය පරිපාලනය
- රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය, රාජ්‍ය පරිපාලනය හා කළමනාකරණය
- ගැටුම්, ගැටුම් ප්‍රභවය, ගැටුම් කළමනාකරණය හා නිරාකරණය
- අන්තර්ජාතික දේශපාලනය
දේශපාලන විද්‍යාව අධ්‍යයනය කරන විධි ක්‍රම
දේශපාලන විද්‍යාව සමාජ විද්‍යාවක් වන බැවින් එය අධ්‍යයනය කිරීමට භාවිත කරනුයේ සමාජ විද්‍යාවන් අධ්‍යයනය කරන විධි ක්‍රම යි. එනම් සමාජ විද්‍යාවක් ලෙස දේශපාලන විද්‍යාව සමස්ථ සමාජයම විද්‍යාගාරයක් ලෙස භාවිත කරයි. දේශපාලන විද්‍යාව අධ්‍යනය කිරීමට භාවිතා වන්නා වු විධික්‍රම රාශියකි. ඒ අතුරින් පහත ශිල්ප ක්‍රම සුවිශේෂී වේ.- දාර්ශනික අධ්‍යයන ක්‍රමය
- තුලනාත්මක අධ්‍යයන ක්‍රමය
- ඓතිහාසික අධ්‍යයන ක්‍රමය
- සමාජ විද්‍යාත්මක ක්‍රමය
- චර්යාවාදී අධ්‍යයන ක්‍රමය
- පද්ධති විශ්ලේෂණ ක්‍රමය
- සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රමය
දේශපාලන විද්‍යාව අධ්‍යනයෙහි වැදගත්කම
සමාජ විද්‍යාවක් ලෙස මිනිස් සමාජයේ දේශපාලන පැතිකඩ අධ්‍යනය කරන්නාවු දේශපාලන විද්‍යාව, විෂයක් ලෙස අධ්‍යයනය කිරීමෙන් ලබාගතහැකි සාමාජීය මෙන්ම පුද්ගලික ප්‍රතිලාභ රාශියකි. දේශපාලන විද්‍යාව අධ්‍යයනයෙහි මුලික අරමුණු කීපයකි.- රාජ්‍ය තාන්ත්‍රිකයන් බිහි කිරීම.
- අන්තර්ජාතික සමාජය පිළිබඳ අවබෝධ කර ගැනීමට හැකි වීම.
- දේශපාලන ක්‍රමයේ විවිධ වෘත්තීන් සඳහා කුසලතා වර්ධනය කර ගැනීම.
- විචාරශීලීත්වය වර්ධනය කර ගැනීමට හැකිවීම.
- වගකීම් හා යුතුකම් අවබෝධකර ගත් හොඳ පුරවැසියකු බවට පත්වීමට හැකි වීම.
- තමා ජීවත් වන දේශපාලන පරිසරය පිළිබඳ අවබෝධ කර ගැනීම.
- තාර්කික දේශපාලන ජීවියෙකු බවට පත්වීමට හැකිවීම.
- ප්‍රජාතාන්ත්‍රික ජීවන රටාවකට ප්‍රජාව හුරුකරවීම
සැකසුම: කුසල් කාවින්ද අමරසිංහ විසිනි.
0 Comments :
Post a Comment