අවම බලය, ගිනි අවි භාවිතය සහ කැරළි මර්ධනය යන කරුණු සම්බන්ධව සාමාන්‍ය පුරවැසියන් සතුව මෙන්ම නීතිය හා සාමය ආරක්ෂා කරන නිලධාරීන්ගේ ද දැනුවත්භාවය අවම වීම තුල මානව හිමිකම් උල්ලංඝණය වීමේ සිදුවීම් ගණනාවක් මෑත කාලයේ දී වාර්තා විය. එබැවින්, විවාදිත මූලධර්ම පිලිබඳ සරල සෛධාන්තික සාකච්ඡාවක් සිදු කිරීම මෙම ලිපිය තුලින් බලාපොරොත්තු වේ.
අවම බලය යනු?
අවම බලය යනු කුමක්ද? යන්න පිලිබඳ නිශ්චිත අර්ථ නිරූපණයක් ශ්‍රී ලංකාවේ කිසිඳු ව්‍යවස්ථාපිත නීති ප්‍රතිපදනයක් තුල දක්වා නොමැත. මෙම සංකල්පය නිර්වචනය කළ යුත්තේ අවම බලය (use of Minimum force) ලෙස නොව අවශ්‍ය බලය (use of Necessary force) යනුවෙන් බව වර්තමානයේ දී අන්තර්ජාතික වශයෙන් පිලිගනු ලබයි.
කිසියම් සැකකරුවකු අත්අඩංගුව ගැනීමේ දී හෝ කැරළි මර්ධන කටයුත්තක දී හෝ අදාල අරමුණ සපුරා ගැනීමට අවශ්‍ය කරන බලය භාවිතා කිරීම මෙම මූලධර්මය තුල සාකච්ඡා කරනු ලබයි. වන්නකු තිසාහාමි නඩු තීරණයේදි අධිකරණය ප්‍රකාශ කරනු ලබන්නේ, සැකකරුවකු පොලීසියට වෙඩි තබා පලා යන අවස්ථාවක දී වූවද සැකකකරු ජීවග්‍රහයෙන් අත්අඩංගුවට ගනුලබනු මිස සැකකරුගේ ජීවිතයට හානි කිරීමේ බලයක් පොලීසියට නොමැති බවයි.
එහිදී ගිනි අවි භාවිතා කළ යුතු ද? නැති ද? යන්න තීරණය කළ යුතු වන්නේ සිද්ධිමය සාධක අනුවයි. කෙසේ වෙතත් කිසියම් තැනැත්තකු අත්අඩංගුවට ගැනීමකදී අදාල තැනැත්තා විසින් යොදන ප්‍රතිරෝධයට සමානුපාතික(Proportional) බලයක් යොදා එම තැනැත්තා මර්ධනය කිරීමේ බලය පොලීසිය සතුව පවතී. එහෙත් මෙම බලය භාවිතා කිරීමේ හැකියාව, අත්අඩංගුවට පත් වන පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් භුක්ති විඳීමට ඇති අයිතියේ සීමාවට යටත් වේ.
කැරළි මර්ධන ඒකකයේ පොලිස් නිලධාරියකු විසින් උද්ඝෝෂණයක් අතරතුර විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු අත්අඩංගුවට ගැනීම - 2017/05/17 කොළඹ දී |
ගිනි අවි යනු?
ශ්‍රී ලංකාවේ ගිනි අවි භාවිතය පිලිබඳ රෙගුලාසි දැක්වෙන ව්‍යවස්ථාපිත නීතිය වන්නේ 1916 අංක 33 දරණ තුවක්කු ආඥා පනතයි. තුවක්කු ආඥා පනතට හඳුන්වාදුන් 1995 අංක 18 දරන සංශෝධනයට අනුව 'තුවක්කුවක්' යනු,
අ) අඟල් 0.043 ගණකමකින් යුතු අඟල් එකහමාර බැගින් දුරකින් පිහිටවන සහ පළමු පුවරුව තුවක්කු කටේ සිට අඩි 50 ක දුරකින් වෙඩි තැබීමට රේඛීයව පෙළට පිහිටුවා ඇති පලාල පුවරු අටකට වඩා සිදුරු කිරීමට සමත් බලයක් සහිතව මූනිස්සමක් හෝ උණ්ඩයක් පිටවන බැරල් අවියකි. (වායු රයිෆල මෙම නිර්වචනය යටතේ අර්ථනිරූපනය නොකරයි)
එමෙන්ම 1996 අංක 22 දරණ සංශෝධනය අනුව පනතේ 02 වගන්තියේ දැක්වෙන ආකාරයට ස්වයංක්‍රීය ගිනිඅවියක් යනු,
වෙඩිතබන අවස්ථාවේදී උණ්ඩ කොපුව ඉවත් කර නැවත නව උණ්ඩයක් ස්වයංක්‍රීයව පිරවිය හැකි ආකාරයේ තුවක්කුවක් වේ.
ශ්‍රී ලංකාව තුල ආරක්ෂක අංශ විසින් භාවිතා කරනු ලබන සියලුම ගිනිඅවි (බර අවි නොවන අත්-තුවක්කු) මෙම නිර්වචනයන් යටතේ ආවරණය කළ හැකිය. ඒ අනුව, යුධ; නාවුක සහ ගගන හමුදාවන්ට අදාල වන ව්‍යවස්ථාපිත නීති ප්‍රතිපාදන සහ රීතීන් තුලින් යුධ තත්ත්වයකදී අණ දීමේ ථේරාවලියකට යටත්ව ගිනි අවි භාවිතය පිලිබඳ විධිවිධාන නිශ්චිතව දක්වා ඇත.
පොලිස් නිලධාරිින් විසින් පිලිපැදිය යුතු ගිනි අවි භාවිතා කිරීමේ රෙගුලාසි
ශ්‍රී ලංකා පොලීසිය යනු සිවිල් සමාජය තුල නීතිය හා සාමය සුරක්ෂිත කිරීම සඳහා 1865 අංක 16 දරන පොලිස් ආඥා පනත යටතේ පිහිටුවා ඇති ආයතනික ව්‍යුහයකි.
පොලිස් නිලධාරියකු විසින් නීතිය හා සාමය ආරක්ෂා කරනු ලබන අවස්ථාවකදී කැරළි මර්ධනයට හෝ තමාගේ හෝ අන් අයගේ ආත්මාරක්ෂාව පතා සිය ගිනි අවිය භාවිතා කළ යුතු ආකාරය පිලිබඳ විධිවිධාන පොලිස් ආඥා පනතේ 55 වන වගන්තියේ ප්‍රතිපාදන අනුව පොලිස්පතිවරයා වෙත හිමි වී ඇති බලතල ප්‍රකාරව 1986 දී පොලිස් නිලධාරීන් වෙත නිකුත් කරන ලද පොලිස් අත්පොතෙහි දක්වා ඇත.
පොලිස් නිලධාරින්ට තුවක්කු පාවිච්චි කිරීමට සිදුවන අවස්ථාවලදී ඔවුන් මතකතබාගත යුත්තේ අවම බලය පාවිච්චි කිරීමේදි අනුගමනය කළ යුතු වන සමානුපාතිකත්වයේ මූලධර්මයයි. එනම් බලය අවශ්‍ය ප්‍රමාණයට පාවිච්චි කිරීමය. තුවක්කු භාවිතා කළ යුතු වන්නේ විශේෂිත අවස්ථාවලදී වන අතර, ඒවා පාවිච්චි කළ යුතු වන්නේ ආත්මාරක්ෂාවට හෝ බරපතල තුවාල හෝ මරණීය තුවාල සිදුවීමට ඉඩ ඇති අවස්ථාවන්වලදී හෝ ඊට අත්‍යාසන්න අවස්ථාවන්වලදී ය. මේ පිලිබඳ පොලිස් අත්පොතෙහි 4(10) වන වගන්තියේ දක්වා ඇති ආකාරයට,
"යම් පුද්ගලයකු හෝ කැරළිකාර සමූහයක් හෝ පහත සඳහන් අපරාධ කරනවා හෝ කරන්නට තැත් කරනවා ඔබ දුටුවොත්,
(අ) මිනීමැරීම හෝ බරපතල තුවාල සිදුකිරීම,
(ආ) මංකොල්ලකෑම,
(ඇ) දේපල සඳහා අනර්ථය සිදු කිරීම,
(ඈ) රාත්‍රී කාලයේ දේපල කඩා ඇතුල්වීම,
(ඉ) පදිංචි වී සිටින අයකුට බරපතල තුවාල සිදුකිරීමට හෝ මරණය සිදුවීමට හේතුවන පරිදි දිවා හෝ රාත්‍රී දේපලකට පහරදීම,
ඔබට අණක් ලබාගන්නට නිසි අණදෙන නිලධාරියකු නොමැති නම්, රන්ඩුව මැඬලීමට වෙන ක්‍රමයක් නොමැත්තේ නම්, අන්තරාවට භාජනය වූ පුද්ගලයන් හා දේපල ආරක්ෂා කිරීම උදෙසා තනි පුද්ගලයකුට හෝ රංචුවට වෙඩිතැබීමට ඔබට බලය තිබේ.
වෙඩි තැබීමට ප්‍රථමයෙන්, එසේ වෙඩිතැබීම වහාම කටයුතු දැයි කල්පනා කර බලනු. නොඑසේ නම් වෙඩි තැබීමේ ආයුධ සන්නද්ධ භට කණ්ඩායම එම ස්ථානයේ සිටීමෙන් පමණක් රංචුව විසිරයාමට හේතු නොවේදැයි කල්පනා කර බලනු.
තුවක්කුව පාවිච්චි කිරීමට පොලීසියට වුවමනා වූ සෑම අවස්ථාවන්හිදීම තුවක්කු පාවිච්චි කිරීමෙන් පසු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියා විසින් හරියාකාරව තුවක්කුව පත්තු කරන ලද වාර ගණන අත්පොතේ,ආරංචි සටහන් පොතේ හෝ ජ්‍යේෂ්ඨ නිලධාරින්ගේ වාර්තාවේ සටහන් කළ යුතුයි. "
මෙහි දී ගිනි අවි භාවිතා කිරීමට පෙර පූර්වනිරීක්ෂණය(precaution) කළ යුතු වන්නේ මොනවාද? යන්න නිශ්චිතව දක්වා ඇත. එමෙන්ම ගිනි අවි යන නිර්වචනය යටතට, පැති අවි සහ කැරළි මර්ධනයට භාවිතා කරන රබර් උණ්ඩ ඇතුලත් තුවක්කු සහ කඳුළු ගෑස් විදිනයන් ද අන්තර්ගත කළ හැක.
කෙසේ වෙතත් මෙම රෙගුලාසි පිලිපැදීමකින් තොරව නීතිවිරෝධි ලෙස ගිනි අවි භාවිතා කිරීම සහ එමඟින් පුද්ගලයකුගේ ජීවිතයකට හානි කිරීම හෝ තුවාල සිදු කිරීම පිලිබඳ වගකීම පෞද්ගලිකවම අදාල නිලධාරියා වෙත පැවරේ.
2018/01/20 දින කතරගමදී පොලිස් වෙඩි තැබීමෙන් මියගිය තරුණයාගේ මෘතදේහය කතරගම මූලික රොහලේ මෘත ශරීරාගාරයේ තිබියදී මාධ්‍යවේදියකු විසින් ගනු ලැබූ ඡායාරූපයකි. |
කඳුළු ගෑස් භාවිතය සහ කැරළි මර්ධනය
ශ්‍රී ලංකාව තුල මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද කැරළි මර්ධනය කිරීම සඳහා කඳුළු ගෑස්(Teargas) සුලබව භාවිතා කරනු ලබයි.
කඳුළුගෑස් යනු ස්වභාවික වායුවක් නොවේ. කඳුළුගෑස් උණ්ඩයක් තුල අධික පීඩනයක් යටතේ ගබඩා කර ඇති වායුමය රසායනික සංඝටක කීපයකි. xylyl bromide ඉන් ප්‍රධාන වේ. bromoacetone, සහ ළූණු වල ස්වභාවිකවම අඩංගු වන syn-propanethial-S-oxide නම් රසායනිකයේ සාන්ද්‍ර මාත්‍රාවන් කඳුළුගෑස් උණ්ඩ තුල ගබඩා වී ඇත. කඳුළුගෑස් උණ්ඩයක්(Tear gas canister) විදිනු ලැබීමෙන් අනතුරුව තප්පර 5ත් 8ත් අතර කාලයකින් උණ්ඩය තුල ගබඩා කර ඇති රසායනික ද්‍රව්‍ය සුදු පැහැති වායුවක් ලෙස මුදාහැරීම ඇරඹේ. කඳුළුගැස් උණ්ඩයක් එල්ල කිරීමේ අරම්භක දැවීම(startup fire) සිදු කරනුයේ වෙඩිබෙහෙත් හෝ පෙට්‍රල් වැනි ද්‍රව ඉන්ධන මාධ්‍යයක් මඟිනි(විවිධ සමාගම් විසින් නිපදවන කඳුළුගෑස් උණ්ඩ වල මෙම මාධ්‍ය එකිනෙකට වෙනස් වේ)
කඳුළු වායුවේ ඝනත්වය සාමාන්‍ය වායුගෝලයේ ඝනත්වයට වඩා වැඩි අගයක් ගනු ලබන අතර ප්‍රතික්‍රියා සීඝ්‍රතාවය ඉතා ඉහළ අගයක් ගනී. මූලික වශයෙන් කඳුළු වායුව ප්‍රතික්‍රියා දක්වන්නේ ශරීරයේ තෙතමනය රැඳී ඇති ස්ථාන හරහාය. මෙම වායුව ආග්‍රහණයෙන් අනතුරුව අවසන් ගර්ත කුහරය දක්වා ස්වසන පද්ධතියේ සෑම ස්ථානයක්ම අධික වේදනාවක් සහිතව දැවීමට ලක්වේ. ඉන් අනතුරුව ආශ්සවාස කිරීම හෝ ප්‍රාශ්වාස කිරීම සිදු කළ නොහැක. දෑස් සහ දහඩිය හෝ ජලයෙන් තෙත් වී ඇති සම, කඳුළුවායුව සමඟ ඉක්මනින් ප්‍රතික්‍රියා දක්වයි. කඳුළු වායුව රැඳි ප්‍රදේශයෙන් ඉක්මනින් ඉවත් වීම හා ගලායන ජලයෙන් ශරීරයේ දැවෙන ස්ථාන සෝදාහැරීම මඟින් වේදනාව අවම කරගැනීමේ හැකියාව පවතී. කඳුළු වායුව ආග්‍රහණය කිරීම දීර්ඝකාලීන ස්වසන ආබාධ සඳහා හේතු විය හැක. ස්වසන පද්ධතියේ සජීවි සෛල වෙත ඉන් වැඩි බලපෑමක් සිදුවේ.
රසායනික අවි ලෙස වායූ වර්ග භාවිතා කිරීමේ ඉතිහාසය පළමු ලෝක යුධ සමය දක්වා දිවයයි.1914 සිට 1918 දක්වා පැවති පළමු ලෝක යුධ සමය තුල රසායනික අවියක් ලෙස ක්ලෝරීන් වායුව (Cl) භාවිතා වී ඇත. ක්ලෝරීන් වායුව කඳුලු වායුවට වඩා ඝනත්වය වැඩි එමෙන්ම මරණීය හානි වීමේ සම්භාවිතාවය වැඩි කොළ පැහැති වායුවකි.(ක්ලෝරීවන් වායුව(Cl 2) මුදාහැරීමෙන් එය ඔක්සිජන් වායුව(O2) සමඟ ප්‍රතික්‍රියා කොට ඔක්සිජන් පරමාණු හුදෙකලා කරනු ලබයි.(Cl2 (g) + O2 (g) ⇄2 ClO (g)) එහිදී වඩාත් හානිකර වන්නේ හුදෙකලා වූ තනි ඔක්සිජන් පරමාණුවයි. (එම පරමාණු සතු හායන ශක්තිය සජීවී සෛල විනාශ කර දමයි.)
කඳුලු ගෑස් තුල අඩංගු chlorobenzalmalononitrile රසායනිකයේ පරමාණුක සැකැස්ම |
කෙසේ වෙතත් හේග් සම්මුතින් වල හා 1925 අතිරේක ජිනීවා සංධානය තුල දක්වා ඇති සීමාවන් මෙන්ම මූලික වශයෙන් 1993 රසායනික අවි පිලිබඳ සම්මුතියේ විධිවිධාන අනුව තවදුරටත් විෂ වායූන් යුද්ධ භූමින් තුල සතුරාට එරෙහි අවියක් ලෙස භාවිතා කිරීම නීත්‍යානුකූල නොවේ. මෙය අන්තර්ජාතික මානුෂවාදී නීතියේ නියමයකි.
එහෙත් කඳුළු වායුව තවදුරටත් නිරායුධ කැරළිකරුවන් මර්ධනය කිරීම සඳහා භාවිතා කිරීමට නීතියෙන් අවසරය ඇත. එම කඳුළු වායුව සහිත උණ්ඩ එල්ල කළ යුතු වන්නේ අංශක 45ක ආනතියක් සහිතව පිරිසක් සිටින ස්ථානයකට ඉහළින් පතිත වීමට මිස පුද්ගලයන් ඉලක්කගත කරගෙන නොවන බව අන්තර්ජාතික වශයෙන් වන නියමයක් පවතී. එම නියමය සෑම කඳුළු වායු උණ්ඩයකම මුද්‍රණය කර තිබීම අදාල නිෂ්පාදන සමාගම විසින් සිදු කළ යුතුය.("Danger: Do not fire directly at person(s). Severe injury or death may result.")
එමෙන්ම කිසිඳු ආකාරයකින් සංවෘත ස්ථානයක් තුල කඳුළු වායුව මුදාහැරීම සිදු නොකළ යුතුය. කැරළි මර්ධනයෙදී රසායනික ද්‍රව්‍ය සහ වායූන් භාවිතය පිලිබඳ නිර්මණය වී ඇති පොදු අන්තර්ජාතික රීතීන් පිළිපැදීමට සෑම රාජ්‍ය පාර්ශවයක්ම බැඳී සිටී.
අවම බලය, කැරළි මර්ධනයේ සහ ගිනි අවි භාවිතයේ සීමා
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වන පරිඡේදයේ 11 වන ව්‍යවස්ථාව අනුව දක්වා ඇති වධ හිංසා හෝ කෘර අමානුෂික සහ අවමන්සහගත සැලකීම් වලින් මිදීමේ අයිතිය සහ 13 (1), (2) සහ (4) ව්‍යවස්ථා යටතේ අත්තනෝමතික සිරභාරයට ලක්නොවීමේ අයිතිය සහ නීතියෙන් නියම කරනු ලබන කාර්යපටිපාටියට අනුව මිස මරණීය දණ්ඩනයට යටත් නොකිරීමට සහ බන්ධනාගාරගත නොකිරීමට ඇති අයිතිය යන මූලික අයිතිවාසිකම් වලට යටත්ව නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ කාර්යයක දී පොලීසිය විසින් කිසියම් පුරවැසියකුට එරෙහිව සිය අවම බලය භාවිතා කළ යුතුව පවතී.
එහෙත් කඳුළු වායුව තවදුරටත් නිරායුධ කැරළිකරුවන් මර්ධනය කිරීම සඳහා භාවිතා කිරීමට නීතියෙන් අවසරය ඇත. එම කඳුළු වායුව සහිත උණ්ඩ එල්ල කළ යුතු වන්නේ අංශක 45ක ආනතියක් සහිතව පිරිසක් සිටින ස්ථානයකට ඉහළින් පතිත වීමට මිස පුද්ගලයන් ඉලක්කගත කරගෙන නොවන බව අන්තර්ජාතික වශයෙන් වන නියමයක් පවතී. එම නියමය සෑම කඳුළු වායු උණ්ඩයකම මුද්‍රණය කර තිබීම අදාල නිෂ්පාදන සමාගම විසින් සිදු කළ යුතුය.("Danger: Do not fire directly at person(s). Severe injury or death may result.")
කඳුළු වායුව සහිත උණ්ඩ එල්ල කළ යුතු වන්නේ අංශක 45ක ආනතියක් සහිතව පිරිසක් සිටින ස්ථානයකට ඉහළින් පතිත වන ආකාරයට ය. |
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වන පරිඡේදයේ 11 වන ව්‍යවස්ථාව අනුව දක්වා ඇති වධ හිංසා හෝ කෘර අමානුෂික සහ අවමන්සහගත සැලකීම් වලින් මිදීමේ අයිතිය සහ 13 (1), (2) සහ (4) ව්‍යවස්ථා යටතේ අත්තනෝමතික සිරභාරයට ලක්නොවීමේ අයිතිය සහ නීතියෙන් නියම කරනු ලබන කාර්යපටිපාටියට අනුව මිස මරණීය දණ්ඩනයට යටත් නොකිරීමට සහ බන්ධනාගාරගත නොකිරීමට ඇති අයිතිය යන මූලික අයිතිවාසිකම් වලට යටත්ව නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ කාර්යයක දී පොලීසිය විසින් කිසියම් පුරවැසියකුට එරෙහිව සිය අවම බලය භාවිතා කළ යුතුව පවතී.
1994 අංක 22 වධ දීම හා අනෙකුත් කෲර,අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඩුවම් වලට එරෙහි වූ සම්මුති පනත අනුව පුද්ගලයකු කෘර, අමානුෂික හෝ අවමන් සහගත සැලකීමකට ලක් කරන විධායක හෝ පරිපාලන නිලධාරියකු පෞද්ගලිකවම අදාල ක්‍රියාවට වගකිව යුතුය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අනෙක් ව්‍යවස්ථාවන්ට අමතරව ශ්‍රී ලංකාව අපරානුමත කර ඇති මානව හිමිකම් සම්මුතීන් සහ බන්ධනාත්මක ප්‍රඥප්තීන් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ දී සහ කැරළි මර්ධනය කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාපිලිවෙත තුල කිසිඳු අකාරයට මානව හිමිකම් උල්ලංඝණය වීමක් සිදු නොවිය යුතුය.
සැකසුම: කුසල් කාවින්ද අමරසිංහ විසිනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අනෙක් ව්‍යවස්ථාවන්ට අමතරව ශ්‍රී ලංකාව අපරානුමත කර ඇති මානව හිමිකම් සම්මුතීන් සහ බන්ධනාත්මක ප්‍රඥප්තීන් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ දී සහ කැරළි මර්ධනය කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාපිලිවෙත තුල කිසිඳු අකාරයට මානව හිමිකම් උල්ලංඝණය වීමක් සිදු නොවිය යුතුය.
සැකසුම: කුසල් කාවින්ද අමරසිංහ විසිනි.
0 Comments :
Post a Comment